සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1094

පිසුණු

නා.බහු. දෙදෙනකු · බිඳවීමට – කියන බස ; ඔවුනොවුන් අසමගි කරවීමට කියන වදන් ; කේළාම්.

පිහනගේ

නා. ආහාර පිසීමට ඇති ගෙය ; කුස්සිය ; මුළුතැන් ගෙය.

පිහනරාළ

නා. කෑම පිසන තැනැත්තා ; වෘත්තීය වශයෙන් කෑම පිසීම කරන්නා අරක්කැමියා.

පිහාකැත්ත

නා. පිහියා කැත්ත ; තරමක් දිග මිටක් ඇති පිහිය.

පිහාටු

1. නා.ප්‍ර. පක්ෂීන්ගේ කය වසා පවතින ඉතා සැහැල්ලු මොළොක් අවයවය.
2. ඇස්පිහාටු.
3. වී වර්ගයක නාමය.

පිහාටු පෑන

නා. (ලෝහ පෑන් තල සාදන්නට පෙර) කුරුලු පිහාටුවල මුල් කොන උල් කොට සාදාගත් පෑන.

පිහාටු පිටිකාව

(පාරිභා.) නා. පිහාට්ටක මුල හමේ හටගන්නා කේතුකාකාර කුඩා නෙරුම ; වැඩෙන පිහාටුවක් ඇතුළට නෙරූ මෘදු පටක කේතුව.

පිහාටු ස්‍යුනිකාව

(පාරිභා.) නා. පිහාටුව පක්ෂි ශරීරයට බැඳී සිටින තැන ඇති කුඩා මඩිස්සලයක හැඩය ඇති අවයවය ; දෘතිකාව.

පිහි කරනවා

1. ක්‍රි. වහනවා ; ප්‍රතිච්ඡාදනය කරනවා.
2. අවුරණවා ; හාත්පසින් වට කරනවා.

පිහිකුළු

වි. වැසූ ; සැගවූ ; ආවරණය කළා වූ.

පිහිට

නා. ආධාරය ; උපකාරය ; සරණ ; පිළිසරණ.

පිහිටනවා

1. ක්‍රි. බිම ආධාරයක ස්ථිර සේ රඳනවා ; තදින් ඇලී සිටිනවා ; ප්‍රතිෂ්ඨාපිත වෙනවා.
2. ප්‍රතිපත්තියක් සමාදන් ව රකිනවා.
3. දරු ගැබක් මව් කුසක හටගන්නවා.
4. ගස, අකුරු ආදි ඇතැම් ලක්‍ෂණ යොදනවා.
5. මුල් බැස ගන්නවා.

පිහිටාධාරය

1. නා. උදවුව ; අනුග්‍රහය ; පිළිසරණ.
2. ආර්ථික අතින් සපයන උදවුව ; සහනාධාරය.

පිහිටි

1. වි. කිසියම් ආධාරයක නැවැත්මට පිවිසි ; ස්ථාවර සේ රැඳුණ ; ප්‍රතිෂ්ඨිත වූ.
2. ඉබේ ඇති වූ ; ස්වාභාවික ව හටගන්නා වූ ; ජනිත වූ.

පිහිටි අත

(පාරිභා.) නා. ගෙයක් පිහිටි ආ පිහිටා ඇති පැත්ත ; පිහිටි ආකාරය.

පිහිටි ගල

නා. ස්වාභාවික ව ස්ථානගත ව පවතින ගල.

පිහිටි පස

නා. යම්කිසි ඉඩමක ඇති ස්වාභාවික පස.

පිහිටීම

1. නා. ස්ථාවරව වීම ; ආධාරයක අකම්ප්‍යව පවත්නා බව.
2. පිහිටා ඇති තැන හා ආකාරය.

පිහිටීම් ඛණ්ඩාංක

(පාරිභා.) නා.ප්‍ර. ස්ථාන දර්ශක, සංඥා, ස්ථානාංශ.

පිහිටුව

(පාරිභා.) නා. ශරීරය තබා ගන්නා පිළිවෙළ ; ඉරියවුව ; ස්ථිතිය ; ස්ථාපිතය.

පිහිදාරය

(පාරිභා.) නා. බැලැන්සයක අක්ෂය වශයෙන් ක්‍රියාකරන පිහියක දාරයක් වැනි දැඩි දාරය.

පිහිනනවා

ක්‍රි. අත් පා සිරුර ආධාර කරගෙන දියේ නොගිලී ඔබමොබ යනවා.

පිහිනුම් අංශය

(පාරිභා.) නා. (සත්ව.) හැඩොක් මත්ස්‍යයාගේ බඩවැලට ඉහළින් වාතයෙන් පිරී පවතින රිදී වන් මඩියක් වැනි ඉන්ද්‍රියය.

පිහිනුම් තටාකය

නා. පිහිනීම සඳහා නිර්මාණය කරගත් ජලාශය.