සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1093
පිවිතුරු
වි. පවිත්‍ර ; පිරිසිදු ; නිර්මල ; පාපයෙන් වෙන් වූ ; නොකිලිටි.
පිවිසෙනවා
ක්‍රි. ඇතුළු වෙනවා ; පැමිණෙනවා.
පිශාච
1. නා.ප්‍ර. අමනුෂ්‍ය කොට්ඨාසයක් ; ප්‍රේත විශේෂයක්.
2. පුරාණයේ දී භාරතයේ විසූ මනුෂ්‍ය ගෝත්‍රයක්.
පිශීතමාව
(පාරිභා.) නා. (වෛද්‍ය.) පිළිකා විශේෂයක්.
පිශුන වචන
නා.ප්‍ර. දෙදෙනකු භේද කරවීම සඳහා දුෂ්ට චේතනාවෙන් දොඬන දේ ; කේළාම් බස්.
පිෂ්ට ආහාර
(පාරිභා.) නා.ප්‍ර. පිෂ්ට ධාතුව බහුල ආහාර වර්ග ; කාබෝහයිඩ්රේට් වැඩියෙන් ඇ අඩංගු කෑම බීම ජාති.
පිෂ්ට ද්රාවිතය
(පාරිභා.) නා. ද්රාවිතයක් බවට හරවන ලද පිෂ්ටය ; පිසීමෙන් ලාටු ගතියට හැරවුණු පිටි.
පිෂ්ට ධාතුව
නා. මූල ද්‍රව්‍යයක් ලෙස සලකනු ලබන පිෂ්ටය ; කාබෝහයිරේට් ; ආහාර ජලකරායිතය.
පිෂ්ට මුක්ත
(පාරිභා.) වි. පිටි රහිත ; පිෂ්ට ධාතුව බැහැර කරන ලද ; පිෂ්ට ධාතුවෙන් තොර.
පිෂ්ට මේහය
(පාරිභා.) නා. මුත්‍ර සමඟ පිෂ්ට ධාතුව පිටවීම ; මුත්‍ර කළ බඳුනේ පතුලට කිරි පාටට බොර මණ්ඩි බැසීම පිළිබඳ රෝගය.
පිෂ්ටය
නා. නොයෙකුත් ශාකවල රැස්කොට තිබෙන සංකීර්ණ කාබෝහයිඩ්රේටයක් ; ධාන්‍ය ආදිය ඇඹරීමෙන් ලබාගන්නා පිටි.
පිසන ගේ
නා.ප්‍ර. (ගෘහයක) ආහාර පිසීම සඳහා වෙන් කර ඇති කොටස ; කුස්සිය; මුළුතැන් ගෙය.
පිසනවා
1. ක්‍රි. (බත් ව්‍යඤ්ජන ආදිය) උයනවා ; තම්බනවා.
2. (දූවිලි කුණු ආදිය) ඉවත් කරනවා ; අතුගානවා ; ශුද්ධ කරනවා.
පිසඹුරු
1. නා.ප්‍ර. නිසරු කුඹුරුවල වැඩෙන දිය සෙවෙල් විශේෂයක් ; දිය පරණලා ; දියමැලි.
2. නිසරු ඉඩමකට ගෙවූ බද්ද.
පිස් පෝච්චිය
(කථා.) නා. මුත්‍ර කිරීම සඳහා වූ භාජනය ; වැසිකිළි හා කැසිකිළි බඳුන.
පිස්කල්
නා.ප්‍ර. (නීති.) අධිකරණයේ විධාන ක්‍රියාත්මක කරන නිලධරයෙක්.
පිස්ටනය
නා. යන්ත්‍ර වතුර පොම්ප ආදියෙහි සිලින්ඩරාකාර කුහරයක් තුළ ඉහළ පහළ හෝ ඉදිරියට හා පස්සට දිවෙන සිලින්ඩරාකාර කොටස.
පිස්ටිලය
නා. පුෂ්පයක ස්ත්‍රී අංගය ; ඡායාංගය.
පිස්තෝලය
නා. තනි අතින් අල්ලා වෙඩි තැබිය හැකි කුඩා ගිනි අවියක් ; කොට අත් තුවක්කුව.
පිස්නය
1. නා. (විදුලි ජනක යන්ත්‍ර වල) කොම්යුටේටරයේ ඇතිල්ලී ගෙන යන (කාබන්) කැබැල්ල ; ඇතිල්ල ; තෙල්ල.
2. පිස දැමීමට හෝ තෙත මාත්තු කිරීමට ගන්නා කුඩා රෙදි හෝ පත් කඩ.
පිස්නාකාර විසර්ජනය
නා. විදුලි වාහකයකින් විදුලිය විසර්ජනය වීමේ ආකාරයක් ; තුලිලාකාර විසර්ජනය.
පිස්මේන්තු මැස්ම
(පාරිභා.) නා. අතේ මැසීමේ ක්‍රමයක් ; ආපසු මැස්ම.
පිස්සන් කොටුව
නා. මානසික රෝගීන් රැකවරණය කර ඇති ස්ථානය; මානසික රෝගීන් සඳහා වූ රෝහල ; උන්මත්තකාගාරය.
පිස්සු බලු රෝගය
නා. පිස්සු බල්ලන් මගින් වයිරස් ශරීරගතවීම නිසා හටගන්නා රෝගයක් ; ජලභීතිකා රෝගය.