සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1092
පිලව් කෝෂය
නා. පිලවා ජීවත්වන මඩිය ; පිලවාට ආවරණයක් වනු පිණිස වෙන් වී එහෙත් ඉතිරි වී පවතින ඝන වූ කීට හම.
පිලව් ජනකයා
(පාරිභා.) නා. පිලව් අවස්ථාව දක්වා ම මව් ශරීරය තුළ වැඩෙන කීටයා.
පිලවා
1. නා. කෘමියකුගේ ජීවිත පැවැත්මෙහි කීට හා සුහුඹුල් යන අවස්ථා දෙකට මැද අවස්ථාව ; කෝෂයක් තුළ වැඩෙන කීටයා.
2. පැටවා ; පෝතකයා.
3. (කථා.) මී බඹර බිත්තර පිපිරීමෙන් පසු එළියට එන ඉතා ළදරු පැටවා.
පිල් කූර
නා. පිහාටුවක කුරුල්ලකුගේ ඇඟට සවි වන කූරක් වැනි මුල් කොටස; කුරුල්ලාගේ ඇඟට සවි වී ඇති කෙඳි නැති උල් කොටස.
පිල්කඩ
නා. පිල් කණ්ඩිය ; ආලින්දය ; වේදිකාව.
පිල්කලඹ
නා. මොනර පිල් වැටිය.
පිල්ටරය
නා. ද්‍රවයක ඇති ද්‍රව්‍යමය කොටස් පෙරා වෙන් කිරීමට යොදා ගන්නා උපකරණය ; පෙරහන යන්ත්‍රය.
පිල්ල
1. නා. ස්වර ලකුණ ; ව්‍යංජනාක්ෂරයක් සමග බැඳෙන ස්වර හැඳින්වීම සඳහා ඒ ඒ අක්ෂර හා යොදන ඇලපිල්ල (ැ), ඉස්පිල්ල ( ි) ආදි ලකුණු (ක්+ඉ = කි).
2. මෝල්ගස් ආදියෙහි කෙළවර සවි කරන යකඩ වළල්ල.
3. ඇස්පිය.
4. කොළයට සම්බන්ධ දණ්ඩ ; පිත්ත.
පිල්ලාව
1. නා. කුඹුරක පිහිටි ගොඩබිම ; මඩෙන් වට වූ කුඩා ගොඩැල්ල ; ඕවිට.
2. කුඩා ඔරුව.
පිල්ලි අරිනවා
(කථා.) ක්‍රි. 1. මන්ත්‍ර බලයෙන් යම්කිසි විනාශකාරි බලවේගයන් සතුරකු වෙත ඔහු විනාශ කිරීම සඳහා යවනවා.
2. (රූඪි.) කෙනෙකුට නොදැනෙන්ට හංගනවා ; සොරකම් කරනවා ; වංචා කරනවා.
පිල්ලිය
(කථා.) නා. මන්ත්‍ර බලයෙන් නිර්මාණය කරනු ලබන භූතයෙක් නොහොත් භූත බලවේගයක්.
පිල්වන්න
නා.ප්‍ර. සටහන ; ලකුණු ආදි තොරතුරු සඳහන් විස්තර පත්‍රිකාව.
පිලා පෙත්ත
නා. ලී හෝ ලෝහ පුවරුවක් මත සවි කරන ලද දිග ලෑල්ලක දෙකොනේ ළමයින් දෙදෙනෙකුට වාඩි වී උස් පහත් වෙමින් ක්‍රීඩා කළ හැකි භාණ්ඩයක් ; සීසෝව.
පිලාකෝෂය
1. නා. බොහෝ කෘමි කීටයන් පිලා අවස්ථාවට පත් වන විට කටින සේද කෙඳි කොපුව.
2. මකුළුවන් බිම් පණුවන් බිත්තර දැමීමට සාදන කෝෂය.
පිලාව
1. නා. බඩදිව ; කපාලිකයන්ගේ උදර කුහරයේ ආමාශය අසල තිබෙන නිර්නාල ග්‍රන්ථියක් වැනි අවයවය ; ප්ලීභය.
2. දුන්නෙහි කෙළවර; දුනුමුඩාව.
3. කුඩා ඔරු විශේෂයක්
පිලැස්
1. නා.ප්‍ර. මොනර පිහාට්ටේ කෙළවර ඇති ඇස වැනි සලකුණ ; මොනරපිල ; සඳැස.
2. මොනරා ; මයූරයා.
පිලි
1. නා.ප්‍ර. මොනර පිහාටුව.
2. ඇසිපිය.
3. ගෙඩිය ; ඵලය.
4. පැසුණු හිසකේ ; සුදු කෙස් ; නර කෙස්.
5. රකුසා ; රාක්ෂසයා.
පිලි පෙරැළි
නා.ප්‍ර. (ව්‍යාක.) වචනයක අක්ෂරයක් තුළ වූ ස්වර මාරුවීම ; ස්වර මාරුව ; ස්වර විපර්යාසය.
පිලිවැස්ස
(කථා.) නා. පොල් කොළවලින් වියා ගන්නා ගොටු හැඩයේ කූඩයක් ; පිරිවැස්ස.
පිලිස්සීම
1. නා. දැඩි තාපයකින් හෝ ගිනි වතුර වැන්නකින් සිදු වන පිච්චීම ; දැවීම.
2. ගින්නෙන් දවාලීම; ගිනි තැබීම.
පිලිහිනි
වි. කල්ගිය ; කුණු වූ ; පිළුණු වූ.
පිලොපෝඩියා
නා. ඇතැම් ප්රෝටෝසෝවාවන්ගේ සිහින් කෙඳි වැනි ව්‍යාජ පාද ; සූත්‍ර පාද.
පිවන් පාත්‍රය
නා. (ක්‍රිස්ති.) පැන් ආදිය බීම සඳහා භාවිත කරනු ලබන බඳුනක් ; කෝප්පය ; කුසලාන.
පිවිටු
වි. ප්‍රවිෂ්ට වුණු ; පැමිණි ; පිවිසුණු ; ඇතුළු වූ.