බන්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ලියවන පට්ටලයේ ලියවනු ලබන භාණ්ඩය සවිකරනු ලබන වට දඬු කඳ.
2. වළලු, කැතිවිලි ආදිය පෑස්සීමේ දී රඳවනු ලබන පොල්ල.
3. කිණිහිරයෙහි උල් කෙළවර.
4. වළං, කළ ආදියෙහි බඳ.
5. පොරෝ උදලු ආදියේ මිට සවි කරන සිදුරේ පිට පැත්ත.
6. බඳින ලද්ද ; බැඳුම.
7. (යමක්) වැනි දෙය ; බඳු වූව ; සමාන වස්තුව ; සදෘශ වූව.