බන්දනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බැඳීම ; බැම්ම ; සම්බන්ධය ; ගැටගැසීම.
2. සිරගත වීම ; දඟගෙයි වැටීම ; උගුල්, මදු ආදියට අසුවීම.
3. භාජන ආදියේ කැඩුණු බිඳුණු තැන් පිරියම් කළ ස්ථානය.
4. ගද්ය පද්ය ප්රබන්ධය ; (විශේෂයෙන්) පද්යකෘතිය.
5. මන්ත්ර බලයෙන් භූතයන් තම මෙහෙවර කිරීම සඳහා නතුකර ගැනීම.
6. වෙළුම්පට ; රැහැන ; පටිය.
7. දැඩි මානසික බැඳීම ; තද ඇල්ම.
8. සිත් මුළා කරවන මායම් ආදිය.