මඩනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අභිභවනය කරනවා ; මැඬ පවත්වනවා ; මර්දනය කරනවා.
2. මිරිකනවා ; යුෂ ලබාගැන්මට පොඩි කරනවා ; කොටනවා.
3. පාගනවා ; ඉක්මවනවා.
4. සම්බාහනය කරනවා ; පිරිමදිනවා ; අත්පා ආදිය මිරිකනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. මර්දනය කරනවා; අභිභවනය කරනවා/ පාගනවා; ඉක්මනවා/ සම්බාහනය කරනවා/ ගොයම් පාගනවා (පා. මද්දති, සං. මර්දති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. trample