සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1191
මඤ්ඤා
(කථා.) නා. (ක්‍රිස්ති.) දරුවකුගේ ප්‍රසාද ස්නාන අවස්ථාවට අදාළ ආගමික කටයුතු ආදිය කිරීමට කැප වූ තැනැත්තිය ; ඥාන මව ; ඇපකාර මව.
මට
1. වි. සිනිඳු ; මෘදු ; ඔපයෙන් යුත් ; ඔපමට්ටම් කළ ; මට්ටම්.
2. මෝඩ ; කුණ්ඨ ; දග්ධ.
මට්ට
වි. මට වූ ; සිනිඳු ; මෘදු.
මට්ටම
1. නා. වළ ගොඩැලි නැති සමපෘෂ්ඨය ; සමතලය.
2. ද්‍රවයක මතුපිට තලය ; ද්‍රව පෘෂ්ඨය.
3. ප්‍රමාණය ; මිම්ම; තරම.
4. (කථා.) තත්ත්වය.
මට්ටම් පෝරුව
නා. වඩු උපකරණයක් ; මට්ටම් ලෑල්ල ; මුළු මට්ටම.
මට්ටය
1. නා. බුහු කෙළියෙහි දී ප්‍රයෝජනයට ගන්නා ලී කෝටුව.
2. පොල් ලෙල්ල.
3. (කථා.) කෙස් නැති හිස ; බූ ගෑ හිස ; තට්ටය.
මට්ටයා
(කථා.) නා. 1. හිසකෙස් නැති තැනැත්තා ; කට්ටයා.
2. මඩකලපු-අම්පාර පළාතේ ගොවිතැනෙහි හා පශු පාලනයෙහි යෙදී සිටින මුස්ලිම් ජන කොටසට අයත් වූවෙක්.
3. අං කොට හරකා.
4. මෝඩයා.
5. මුහුදු වෙරළේ වසන කුඩා බෙල්ලන් විශේෂයක් ; කාවාටී.
මට්ටුව
1. නා. දඬුවම.
2. දඬුවමක් දී හික්මවීම.
මටුල්ල
නා. තල් පොල් ආදි ඇතැම් තාල වර්ගයේ ගස්වල පිත්ත හා බැඳී තිබෙන කෙඳි දැලක් වැනි වූ කොටස.
මටුලුකස්ස
නා. මටුල්ලෙන් සෑදූ කෝෂය හෝ පෙරහන.
මඨය
නා. තවුසන් වෙසෙන ස්ථානය ; ආශ්‍රමය ; අසපුව ; තවුස් අරම.
මඩ
1. නා. ජලය හා මිශ්‍ර වීමෙන් දියාරු වූ සියුම් පස් හෝ මැටි.
2. සඳුන් ආදිය ජලය මුහු කොට ඇඹරීමෙන් හෝ ගල ගෑමෙන් සාදා ගන්නා කල්කය.
මඩ ගහනවා
(නව.) ක්‍රි. කෙනෙකු ගේ හොඳ නම කිලුටු කරනවා ; නින්දා කරනවා ; නිග්‍රහ කරනවා.
මඩ ගොවිතැන
නා. මඩ බිම්වල කරන වී වගාව ; කුඹුරු ගොවිතැන.
මඩ පුවක්
නා.ප්‍ර. දියේ දමා පල් කරගත් පුවක් ; පල් පුවක්.
මඩ පෝරුව
(කථා.) නා. මඩවන ලද කුඹුරක් බීජ වී වැපිරීමට පෙර එහි මතුපිට සම කිරීමට ගන්නා ලෑල්ල.
මඩ බද්ද
නා. කුඹුරු බද්ද.
මඩ යමහල
(පාරිභා.) නා. පෘථිවි ගර්භයේ ඇති තෙත් මඩ විදාරණය වී වායු සම්පීඩනයෙන් උඩට නගනු ලැබ පොළොවේ විවරයක් තුළින් විටින් විට මතු පිටට නිකුත් වී එක්රැස් වීමෙන් සෑදුණු කේතු රූපාකාර කන්ද.
මඩකලල්
නා.ප්‍ර. මඩ ; පාකය.
මඩක්කුව
නා. කට පළල් මැටි භාජන විශේෂයක් ; මැටි කෝප්පය.
මඩනවා
1. ක්‍රි. අභිභවනය කරනවා ; මැඬ පවත්වනවා ; මර්දනය කරනවා.
2. මිරිකනවා ; යුෂ ලබාගැන්මට පොඩි කරනවා ; කොටනවා.
3. පාගනවා ; ඉක්මවනවා.
4. සම්බාහනය කරනවා ; පිරිමදිනවා ; අත්පා ආදිය මිරිකනවා.
මඩප්පුව
නා. මුළුතැන්ගෙය.
මඩම
1. නා. විශ්‍රාම ශාලාව ; ගිමන් හල ; අම්බලම.
2. (ක්‍රිස්ති.) කන්‍යා සහෝදරියන් වාසය කරන ආශ්‍රමය ; කන්‍යාරාමය ; තාපසිකාරාමය.
3. ළමයින් සහ මහලු අය සඳහා පිහිටුවා ඇති නිවාසය ; අනාථ නිවාසය.
මඩරන් දෙනවා
ක්‍රි. ඉඩම් හිමියෙකුගෙන් අඳේට කුඹුරක් ලබාගන්නා විට ඔහුට ගාස්තුවක් දෙනවා.