සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1192
මඩරොල්ල
(කථා.) නා. ඉතා සියුම් වූ මඩ ; රොන්මඩ.
මඩවනවා
(කථා.) ක්රි. ගවයන් මීමුන් ලවා කුඹුරු මඩ කරනවා ; ඇස්වැද්දීමට අවශ්ය ලෙස කුඹුරේ මඩ පෙරළමින් සකස් කරනවා.
මඩිගය
1. නා. සිංහල රජ කාලයෙහි තවලම් මගින් භාණ්ඩ ප්රවාහනය කිරීමේ රාජකාරිය භාර කාර්යංශය.
2. නගරයට එන තවලම් ආදියෙන් බදු අය කළ තැන ; රේන්ද පොළ ; වෙළඳ පොළ.
මඩිනවා
1. ක්රි. අභිභවනය කරනවා ; මැඩ පවත්වනවා ; මර්දනය කරනවා.
2. (යුෂ ලබාගැනීමට) මිරිකනවා ; කොටනවා.
3. පාගනවා.
4. සම්බාහනය කරනවා ; අතපය මිරිකනවා.
මඩිය
1. නා. ඔලොගුව ; පසුම්බිය ; කූර පසුම්බිය මඩිස්සලය ; මල්ල.
2. මා දැලකට අසු වූ මසුන් හිර වී රඳන වඩා ශක්තිමත් මලු කොටස.
මඩිස්සලය
නා. ඔලොගුව ; පසුම්බිය ; කූරපයිය.
මඩු
1. නා.ප්ර. ශාන්තිය පතා දෙවියන් වෙත කරන යාග කර්මයක්.
2. උතුරු පළාතේ පිහිටි කතෝලික දේවස්ථානයක්.
3. බෙර වර්ගයක්.
4. දලු ව්යංජන වශයෙන් ගත හැකි වූ ද, ගෙඩිවලින් පිටි ලබාගත හැකි වූ ද තෙත් කලාපීය පණාංග ශාකයක්.
5. දිග කට සහිත දිග වලගක් ඇති පෙතැලි මුහුදු මත්ස්යයෙක්.
මඩු ඇල්
නා.ප්ර. වී වර්ගයක්.
මඩු මංගල්ලය
නා. හලාවත ධීවරයන්ගේ වාර්ෂික පූජාව.
මඩුගෙ
නා.ප්ර. වෙළඳ පොළ.
මඩුපේ කරනවා
ක්රි. කංකාරියට පෙර දින දවල් වන විට සාදා නිම කෙරෙන මඩුව සහ යක් ගෙය සඳහා කැප කරනවා.
මඩුල්ල
1. නා. චන්ද්ර සූර්ය ආදි ග්රහයන් වටා පිහිටි වටකුරු වූ ප්රදේශය ; මණ්ඩලය ; බිම්බය ; රැස්වළල්ල.
2. (ප්ර. යෙදේ) සමේ හටගන්නා පලු විශේෂයක්.
3. සමූහය ; පිරිස.
4. ප්රදේශය ; ජනපදය ; ස්ථානය.
5. විචිත්ර ලෙස සරසන ලද වේදිකාව ; මණ්ඩපය.
6. සුවඳ ගස් වර්ගයක්.
මඩුව
1. නා. විසිතුරු ලෙස සරසන ලද ශාලාව ; මණ්ඩපය.
2. විශ්රාම ශාලාව; තාවකාලික ගොඩනැගිල්ල ; හරක් ආදි සත්වයන් සඳහා ඇති නිවහන.
මඩොර
නා.ප්ර. ශක්රයාගේ භාර්යාවක ගේ නාමය.
මඩොල්
වි. මත්වන ගතියෙන් යුත්.
1. නා.ප්ර. දියාරු මඩ.
2. මණ්ඩලය.
3. මධ්යය ; මැද කොටස.
මණමාලයා
නා. විවාහ ප්රාප්ත වන පුරුෂයා ; සරණ බන්ධනයට පිවිසෙන තැනැත්තා.
මණමාලිය
නා. විවාහ ප්රාප්ත වන යුවතිය ; සරණ බන්ධනයට පිවිසෙන කාන්තාව.
මණ්ඩ
නා.ප්ර. මණ්ඩය බ.
මණ්ඩ කල්පය
නා. බුදුවරුන් දෙදෙනකු උපදනා කාලය ; අශුන්ය කල්ප පහෙන් එකක්.
මණ්ඩදීපය
නා. කාශ්යප බුදුරදුන් සමයෙහි ලක්දිව හැඳින්වුණු නාමය.
මණ්ඩනය
1. නා. සැරසීම ; අලංකාර කිරීම.
2. ආභරණය ; සැරසිල්ල.
මණ්ඩපය
නා. විශේෂ අවස්ථා හෝ උත්සව අවස්ථා සඳහා විසිතුරු සැරසිලි සහිත ව තාවකාලිකව තනනු ලබන ශාලාව ; වේදිකාව ; මඩුව.
මණ්ඩය
1. නා. (ගිතෙල් ආදියෙහි) ඉතා පිරිසිදු කොටස ; සාරය.
2. (බැදි සහලින් පිසූ) කැඳ.
3. (රා මණ්ඩි ආදියෙහි) මුහුන්.
4. බඳුන ; භාජනය ; තලිය ; තැටිය.
5. ඖෂධීය ශාකයක් වන නෙල්ලි.
මණ්ඩල මාලය
(පාරිභා.) නා. ග්ලැසියර ක්රියාව හේතුකොට ගෙන සෑදුණු අණ්ඩාකාර වූ හෝ වෘත්තාකාර වූ තැනිතලා බිම.