අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 243
මකුළුවා
නා. කෘමිභක්ෂක ගණයට අයත් කුඩා සත්ත්ව විශේෂයක් (සං. මර්කට, මර්කටක පා. මක්කට)
මග
නා. මාර්ගය/ පිළිාවෙල (පා. මග්ග, සං. මාර්ග)
මගධ
නා. සොළොස් මහා ජනපදයන්ගෙන් එකක් (පා. මගධ)
මගියා
නා. මාර්ගයෙහි ගමන් කරන්නා; පථිකයා (පා. මග්ගික සං. මාර්ගික)
මගුල
නා. ශුභ ක්රියාව/ විවාහ මංගල්යය (පා. සං. මඞ්ගල)
මගුල් ප්රස්තාව
නා. ආවාහ විවාහ කටයුත්ත; කසාදය
මච්ඡරිය
නා. මසුරු බව (පා. මච්ඡරිය)
මජ්ඣිම නිකාය
නා. සූත්ර පිටකයට අයත් මධ්යම ප්රමාණයේ සූත්ර ඇතුළත් කොටස (පා. මජ්ඣිම නිකාය)
මඤ්චය
නා. මංචය
මඤ්ඤොක්කා
නා.ප්ර. අල හටගන්නා ශාක විශේෂයක්
මටලු
නා.ප්ර. තල්, පොල් ආදි තාල වර්ගයේ ගස්වල පිත්ත හා බැඳී තිබෙන කෙඳි දැලක් වැනි වූ කොටස; මටුල්ල
මටසිලිටි
වි. මොළොක්/ සරල
මට්ටකුණ්ඩලී
නා.ප්ර. බ්රාහ්මණ පුත්රයකුගේ නාමය (පා. මට්ටකුණ්ඩලී)
මඨය
නා. ආශ්රමය; තවුසන් වසන ආරාමය/ පූජකාරාමය; පල්ලිය (සං. මඨ)
මඩල
නා. මඬල (පා. සං. මණ්ඩල)
මඩිනවා
ක්රි. මර්දනය කරනවා; අභිභවනය කරනවා/ පාගනවා; ඉක්මනවා/ සම්බාහනය කරනවා/ ගොයම් පාගනවා (පා. මද්දති, සං. මර්දති)
මඩුලු
නා.ප්ර. මඬුලු (පා. සං. මණ්ඩල)
මඩුව
නා. විසිතුරු කරන ලද ශාලාව/ විශ්රාම ශාලාව/ බිත්ති රහිත ගෙය (පා. සං. මණ්ඩප)
මණමාලයා
නා. මනමාලයා
මණමාලිය
නා. මනමාලිය
මණ්ඩනය
නා. සැරසීම (පා. සං. මණ්ඩන)
මණ්ඩපය
නා. වේදිකාව; මඩුව/ විශ්වවිද්යාලයීය අධ්යාපන ආයතනය (පා. සං. මණ්ඩප)
මණ්ඩපාධිපති
නා.ප්ර. විශ්වවිද්යාල මණ්ඩපයක ප්රධානයා
මණ්ඩලය
නා. රැස් වළල්ල/ ප්රදේශය; ජනපදය/ සමූහය (පා. සං. මණ්ඩල)