අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 244
මණ්ඩිය
1. නා. ද්‍රව සහිත බඳුනක පත්ලට බහින බොර; ද්‍රවයන්හි අඩියෙහි මිදෙන දෙය/ නැටුම් ඉරියව්වක් (දෙ. மண்டி) 2. ප්‍රදේශය; පැත්ත
මණ්ඩුකයා
නා. ගෙම්බා (පා. සං. මණ්ඩූක)
මණි
නා.ප්‍ර. මැණික (පා. සං. මණි)
මණිකාරයා
නා. මැණික් වැඩ කරන්නා; මැණික් සැට්ටරා (පා. සං. මණිකාර)
මණිපත්‍ර
නා.ප්‍ර. මලෙහි ග්‍රාහයට සවි ව පිටතින් ම පිහිටි කුඩා පත්‍ර
මණිමේඛලා
නා.ප්‍ර. සමුදුරට අධිපති දෙවඟන/ මිණි මෙවුල (සං. මණිමේඛලා, දෙ. மணிமேகலை)
මණිය
නා. මැණික/ කුඩා සීනුව (පා. සං. මණි)
මඬල
නා. මණ්ඩලය/ සමූහය/ වේදිකාව (පා. සං. මණ්ඩල)
මඬුලු
නා.ප්‍ර. සමූහය (පා. සං. මණ්ඩල)
මඬුව
නා. මඩුව
මතධාරී
වි. අදහස්වල එල්බගෙන සිටින
මතභේද
නා.ප්‍ර. වෙනස් වෙනස් වූ අදහස් (පා. සං. මතභෙද)
මතවරණ
නා.ප්‍ර. මද කිපුණු ඇතා (පා. සං. මත්තවාරණ)
මත්ද්‍රව්‍යය
නා. මත් බවට පත් කරවන දෙය
මත්ස්‍ය
නා.ප්‍ර. මාලුවා/ මීන රාශිය (සං. මත්ස්‍ය)
මතාන්තර
නා.ප්‍ර. වෙනස් වූ මත; විවිධ අදහස් (සං. මතාන්තර)
මතිභ්රමය
නා. සිත අවුල් බව (සං. මතිභ්රම)
මතුරනවා
ක්‍රි. ජප කරනවා; මුමුනනවා (සං. මන්ත්රයති පා. මන්නෙති)
මතුළ
වි. මතුරන ලද
මථනය
නා. කැලඹීම/ මැඬලීම; පැරදවීම (පා. සං. මථන)
මථුරා
නා. උත්තර භාරතයේ පිහිටි ප්‍රදේශයක නාමය (සං. මථුරා)
මද
1. නා.ප්‍ර. අහංකාරය; දර්පය/ ප්‍රකෘති සිහිය විකල් වීම/ කාමාශාව; අනුරාගය/ ඇතුන්ගේ කපෝලාදියෙන් වැගිරෙන ද්‍රවය (පා. සං. මද) 2. ගෙඩි, ඇට ආදියෙහි ඇතුළත කොටස
මදන
නා.ප්‍ර. අනංගයා/ කාමාශාව/ සංගීත තාලයක්/ උන්මාදය
මද්ද
1. නා. මධ්‍යය (සං. මධ්‍ය) 2. තොණ්ඩුව; මලපුඬුව