අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 245
මද්දලය
නා. පෙරදිග තූර්ය භාණ්ඩයක නාමය (සං. මර්දල)
මද්දහන
නා. දවසේ මැද භාගය; මධ්යාහ්නය (පා. මජ්ඣණ්හ සං. මධ්යාහ්න)
මද්ය
වි. මත් කරවන (සං. මද්ය)
මද්යපානය
නා. මත්පැන් බීම (සං. මද්යපාන)
මද්යසාරය
නා. මත් බව ඇති කරවන ද්රව; ඇල්කොහොල්
මදාරා
නා.ප්ර. දෙව්ලොව ඇතැයි සැලකෙන දිව්ය වෘක්ෂ පහෙන් එකක් සහ එහි පුෂ්පය (සං. මන්දාර)
මදුළ
නා. කොස් ආදි ගෙඩිවල ඇටය වටා ඇති ඝන මාංසමය කොටස
මධ්ය
නා.ප්ර. මැද; කේන්ද්රය/ ගීත වාදනය කළ යුතු ත්රිවිධ ලය අතුරෙන් එකක් (සං. මධ්ය)
මධ්යතන
වි. මධ්ය කාලයට අයත්
මධ්යධරණී
වි. මධ්යධරණී මුහුද හා ඒ අසබඩ ප්රදේශවලට සම්බන්ධ වූ
මධ්යන්යය
නා. මැද; මධ්යය/ සංඛ්යා සමූහයකගේ මධ්යක අගය (සං. මධ්යන්ය)
මධ්යම
වි. මැද වූ; කේන්ද්රගත (සං. මධ්යම)
මධ්යස්ථ
වි. මැදහත්; මැද පිහිටි (සං. මධ්යස්ථ)
මධ්යස්ථානය
නා. ප්රධාන ස්ථානය; කේන්ද්රස්ථානය (සං. මධ්යස්ථාන)
මධ්යාහ්නය
නා. ඉර මුදුන් වේලාව (පා. මජ්ඣණ්හ සං. මධ්යාහ්න)
මධු
නා.ප්ර. මී පැණි; මල් පැණි/ මත් කරවන පානය (පා. සං. මධු)
මධු පානය
නා. මල් පැණි බීම/ සුරා බීම
මධුමේහය
නා. දියවැඩියාව (පා. සං. මධුමෙහ)
මධුර
වි. මිහිරි/ කන්කලු/ මනෝඥ; යහපත් (පා. සං. මධුර)
මනඃකල්පිත
වි. සිතින් මවා ගනු ලැබූ; කාල්පනික (සං. මනඃකල්පිත)
මනදොළ
නා.ප්ර. හිතේ ආශාව
මනමාලයා
නා. විවාහප්රාප්ත වන පුරුෂයා (දෙ. மணவாளன்)
මනමාලිය
නා. විවාහප්රාප්ත වන යුවතිය
මනස්කාන්ත
වි. සිත අලවන; සිත්කලු (සං. මනස්කාන්ත)