අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 242
භෞත චිකිත්සාව
නා. විදුලි ධාරාවෙන් හෝ විකිරණයෙන් හෝ ලෙඩ සුව කිරීම
භෞතික
වි. ද්රව්යාත්මක වූ; භූතයන් පිළිබඳ (සං. භෞතික)
භෞමික
වි. භූමියට අයත් වූ; භූමිය හා සම්බන්ධ වූ
මංකඩ
නා. අඩි පාර; කුඩා පාර/ තොටුපළ/ මංසන්ධිය
මංකොල්ලය
නා. මං පැහැරීම
මංගල
වි. ශුභ/ විවාහ උත්සව සම්බන්ධයෙන් වූ/ පළමු (පා. සං. මඞ්ගල)
මංගල්යය
නා. යහපත, ශුභ සිද්ධිය/ ශුභ නැකැත් අනුව පවත්වන ප්රීති උත්සවය (සං. මඞ්ගල්ය)
මංගල්යෝත්සවය
නා. මංගලෝත්සවය
මංගලෝත්සවය
නා. ශුභ කටයුත්ත/ ආවාහ විවාහ කටයුත්ත/ උත්සවය; උලෙළ
මංචකය
නා. යහන (පා. සං. මඤ්චක)
මංචය
නා. යහන (පා. සං. මඤ්ච)
මංචාඩි
නා.ප්ර. කළඳකින් විස්සෙන් පංගුව (දෙ. மஞ்சாடி)
මංජරී
නා.ප්ර. මල් පොකුර (සං. මඤ්ජරී)
මංජුසාව
නා. කරඬුව/ ආභරණ ආදිය බහා තබන කුඩා පෙට්ටිය (පා. මඤ්ජුසා සං. මඤ්ජුෂා)
මංමුළාව
නා. අතරමං වීම/ නොවැටහීම
මංසන්ධිය
නා. මාර්ග දෙකක් හෝ කීපයක් එකතු වන හෝ බෙදී යන තැන
මංසභක්ෂක
වි. මස් අනුභව කරන
මංසල
නා. මංසන්ධිය
මකර තොරණ
නා. එකිනෙකට මුහුණ ලා සිටින මකර රූප දෙකකින් යුත් තොරණ
මකරධ්වජ
නා.ප්ර. මකර කොඩිය/ අනංගයා (සං. මකරධ්වජ)
මකරන්දය
නා. මල් පැණි/ මල් රේණු (සං. මකරන්ද)
මකුටය
නා. ඔටුන්න; කිරීටය/ ජටාව/ මුදුන/ බෙර විශේෂයක් (පා. සං. මකුට)
මකුණා
නා. ඇඳ, පුටු, මෙට්ට ආදියෙහි සිටින පරපෝෂිත කෘමි වර්ගයක් (සං. මත්කුණ පා. මඞ්කුන)
මකුළු දැල
නා. මකුළුවා විසින් වියන දැල (පා. මක්කටජාල)