මරාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙනකු මළ පසු ඔහු ගේ චංචල දේපළ වෙනුවෙන් රජයට ගෙවිය යුතු බද්ද ; මළ බද්ද.
2. (ප්‍ර. යෙදේ) ගොඩ ; රාශිය.
3. (කථා.) මාරක වැඩ ; ඉතා කරදරකාරී කටයුතු.
4. (කථා.) උගුල ; ප්‍රයෝගය.
5. හදිසි වාසිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බදු විශේෂයක්/ කරදරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. death duty