අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 247

මනෝරාජ්‍යය

නා. සිතින් මවා ගන්නා ලෝකය; මනඃකල්පිත රාජ්‍යය (සං. මනොරාජ්‍ය)

මඳ

නා.ප්‍ර. ස්වල්පය (පා. සං. මන්‍ද)

මඳනල

නා.ප්‍ර. දැඩි නොවූ සුළඟ; මන්ද මාරුතය

මමායනය

නා. මමය, මාගේය යන අදහස (පා. මමායනා)

මයික්‍රෝන

නා.ප්‍ර. මීටරයකින් දශ ලක්ෂයෙන් පංගුව (ඉං. micron)

මයිනහම

නා. කම්මලේ උදුනේ ගිනි මෙළවීමට සුළං පිඹීම සඳහා සමින් කළ උපකරණය

මයිලණු

නා.ප්‍ර. ගරු කටයුතු මාමා

මරක්කල

1. නා.ප්‍ර. කුරුණිය (දෙ. மரக்கால்) 2. මුස්ලිම් ජාතිකයා/ යාත්‍රාවක ප්‍රධානයා (දෙ. மரக்காலம்)

මරණය

නා. ජීවිතයේ අවසානය; ජීවිතක්ෂය (පා. සං. මරණ)

මරණාධාර

නා.ප්‍ර. මරණයක් වෙනුවෙන් ලබාදෙන ද්‍රව්‍ය හෝ මූල්‍ය ආධාර

මරණානුස්මෘතිය

නා. මරණය නැවත නැවත සිහි කිරීම

මරණීය දණ්ඩනය

නා. මරණ දඬුවම

මරනවා

1. ක්‍රි. ජීවිතය විනාශ කරනවා (පා. මාරෙති) 2. වළකනවා (පා. වාරෙති)

මරළතෝනිය

නා. මරණාසන්නයේ දී මෙන් කෑගැසීම

මර්දනය

නා. මැඩීම/ දමනය කිරීම; පරාජය කිරීම (සං. මර්දන)

මර්මස්ථානය

නා. ශරීරයෙහි මාංශ, ශිරා ආදිය සම්බන්ධ වූ ස්ථානය; නිල පිහිටි තැන/ ප්‍රධාන ස්ථානය (සං. මර්මස්ථාන)

මර්යාදාව

නා. වෙරළ/ සීමාව (සං. මර්යාදා)

මර්ශනය

නා. පරීක්ෂා කිරීම/ ආලේප කිරීම (සං. මර්ශන)

මර්ෂණය

නා. ඉවසීම/ මැදීම (සං. මර්ෂණ)

මරාලය

නා. බදු විශේෂයක්/ කරදරය

මරිතොණ්ඩි

නා.ප්‍ර. ඖෂධ පිණිස ගන්නා කුඩා ගස් වර්ගයක් (දෙ. மருதோன்றி)

මල

නා.ප්‍ර. අපිරිසිදු දෙය; අශුචි/ කෙලෙස්/ මලකඩ (පා. සං. මල) නා. 1. පුෂ්පය (පා. සං. මාලා) 2. තොණ්ඩුව; මලපුඬුව

මලකඩ

නා.ප්‍ර. යකඩ මත සෑදෙන රතට හුරු දුඹුරු පැහැති ද්‍රව්‍යය

මලණු

නා.ප්‍ර. බාල සහෝදරයා

මලපත

නා. අකුරු හෝ වචන අවබෝධය පිළිබඳ ව්‍යවහාරයකි/ මලපුඩුව; තොණ්ඩුව