අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 248

මලපහ කරනවා

ක්‍රි. අශුචි පිට කරනවා

මලපුඩුව

නා. තොණ්ඩුව; පාශය

මලබද්ධය

නා. මල පිට නොවීම; බඩ වේළීම

මලමුත්‍ර

නා.බහු. අශුචි සහ මුත්‍ර

මලය රට

නා. කඳුකර ප්‍රදේශය

මලයණ්ඩි

නා. මල්ලී; බාල සහෝදරයා

මලයාලම්

නා.ප්‍ර. කේරළ ප්‍රදේශයේ භාවිත ද්‍රවිඩ භාෂා ගණයට අයත් භාෂාවක් (දෙ. மலையாளம்)

මලල ක්‍රීඩා

නා.ප්‍ර. දිවීම්, පැනීම් ආදිය ඇතුළත් ක්‍රීඩා

මලවනවා

ක්‍රි. කොළ වර්ග පිසීමේ ක්‍රමයක්

මලවි

නා.ප්‍ර. අනංගයා

මලසුන

නා. මල් ආසනය

මල් කලබ

නා. මල් පොකුර; මල් මිටිය

මල්පැල

නා. පහන් දල්වන කුඩා කුටිය/ ගිමන්හල

මල්පැළ

නා.ප්‍ර. මල් පැළෑටිය

මල්ලව

නා.ප්‍ර. පොර බැදීම; අත් මිටින් ඇන ගැනීම (පා. සං. මල්ල)

මලානික

වි. ප්‍රාණවත් භාවයෙන් තොර

මලාපවහනය

නා. කුණු කසළ සෝදා හැරීම

මලාමැලි

නා.ප්‍ර. ලොකු, කුඩා මල්

මලාව

නා. භාජනය; කෙණ්ඩිය

මලින

වි. කිලිටි; අපවිත්‍ර (සං. මලින)

මලු

නා.ප්‍ර. බාල සහෝදරයා/ මල්ල

මලුව

නා. මළුව

මව්

වි. මව සම්බන්ධ (සං. මාතෘ)