අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 249

මවුල

නා. පරමාණු වැනි කුඩා අංශු මනින ඒකකයක නාමය (ඉං. mole)

මසවුළ

නා. මත්ස්‍ය මාංසාදි ව්‍යඤ්ජනය

මස්ටක

නා.ප්‍ර. මත්ස්‍යයා (පා. මච්ඡ සං. මත්ස්‍ය)

මස්තකප්‍රාප්ත

වි. මුදුන් පැමිණි

මස්තකය

නා. මුදුන; උඩ; ශීර්ෂය; හිස (පා. මත්‍ථක සං. මස්තක)

මස්තිෂ්කය

නා. මොළය (සං. මස්තිෂ්ක)

මස්පිඬු

නා.ප්‍ර. මාංස පිණ්ඩය (පා. මාංසපිණ්ඩ)

මස්මාලු

නා.බහු. මත්ස්‍ය මාංස; මස් හා මාලු

මහකුලුණු

නා.ප්‍ර. මහා කරුණාව (පා. මහාකරුණා)

මහගු

වි. අනගි (සං. මහාර්ඝ පා. මහග්ග)

මහණ

නා.ප්‍ර. පැවිද්දා/ ශ්‍රමණයා (පා. සමණ සං. ශ්‍රමණ)

මහණව

නා.ප්‍ර. මහ මුහුද (පා. මහණ්ණව සං. මහාර්ණව)

මහතාණෝ

නා. ශ්‍රේෂ්ඨ පුද්ගලයා

මහනවා

ක්‍රි. ඉදිකටුවක් සහ නූල භාවිතයෙන් කරන මැසීම (සං. මයක්‍ෂති)

මහපොළ

නා. විශාල සල්පිල/ ශිෂ්‍යයන් උදෙසා රජයෙන් පිරිනමන ශිෂ්‍යත්වයක්

මහබිනික්මන

නා. බුද්ධත්වය ලබා ගැනීම සඳහා ගිහිගෙය අතහැර යෑම (පා. මහාභිනික්‍ඛමන සං. මහාභිනිෂ්ක්‍රමණ)

මහබෝධිය

නා. අනුරාධපුර මහමෙවුනා උයනෙහි සිටුවන ලද බෝධි වෘක්ෂය (පා. මහාබොධි)

මහමෙවුනා

නා.ප්‍ර. එනම් උද්‍යානය

මහර්ෂි

වි. ශ්‍රේෂ්ඨ ඍෂි වූ (සං. මහර්ෂි)

මහල

නා. ප්‍රාසාදය/ තට්ටුව (පා. මාලක)

මහලු

වි. වයසින් හා ගුණයෙන් වැඩිහිටි (පා. මහල්ලක)

මහා ප්‍රාචීරය

නා. ශරීරයේ උරස හා උදරය වෙන් කරන අවයවය

මහාඛන්ධකය

නා. විනය පිටකයේ මහා වග්ග පාලියෙහි දසවැනි කොටස (පා. මහාඛන්‍ධක)

මහාචාර්ය

නා.ප්‍ර. විශ්වවිද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක හෝ යම් විෂයයක් පිළිබඳ ප්‍රමුඛ ආචාර්යවරයා (සං. මහාචාර්‍ය)