අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 250
මහාද්වීපය
නා. පෘථිවියේ අතිවිශාල භූමි ප්‍රදේශය (පා. මහාදීප සං. මහාද්වීප)
මහාදිපාද
නා.ප්‍ර. යුවරජ
මහාධිකරණය
නා. ශ්‍රී ලංකාවේ පවත්නා ඉහළ උසාවියක්
මහානිසංස
නා.ප්‍ර. මහත් වූ සුභ ඵල
මහානුභාව
වි. බොහෝ තේජස් ඇති (සං. මහානුභාව)
මහාප්‍රාණ
වි. මහත් වූ ප්‍රාණයක් ඇති (සං. මහාප්‍රාණ)
මහාපුරුෂ ලක්ෂණ
නා.බහු. ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ සිරුරෙහි පිහිටන විශේෂ ලකුණු
මහාභිනිෂ්ක්‍රමණය
නා. මහබිනික්මන (සං. මහාභිනිෂ්ක්‍රමණ)
මහාමාන්‍ය
නා.ප්‍ර. ප්‍රභූන් වෙත බ්‍රිතාන්‍ය රැජින විසින් පිරිනමනු ලබන නම්බු නාමයක්
මහායාන
නා.ප්‍ර. බුදුවීමෙන් ම නිවන් අවබෝධ කර ගැනීම පරමාර්ථ කර ගත් බෞද්ධ නිකාය (සං. මහායාන)
මහාර්ඝ
වි. අගයෙන් වැඩි (සං. මහාර්ඝ)
මහාර්ණවය
නා. මහා සාගරය
මහාරෝග්‍යශාලාව
නා. ප්‍රධාන රෝහල
මහාවංසය
නා. මහානාම හිමියන් ලියූ ලංකාවේ ඉතිහාසය කියැවෙන පාලි කාව්‍යය (පා. මහාවංස)
මහිලා
නා.ප්‍ර. කාන්තාව (පා. සං. මහිලා)
මහිෂ
නා.ප්‍ර. මී හරකා; මී ගොනා (සං. මහිෂ)
මහේශ්වර
නා.ප්‍ර. ශිව දෙවියා (සං. මහෙශ්වර)
මහේශාක්‍ය
වි. උදාර (සං. මහෙශාක්‍ය)
මහේෂිකාව
නා. රැජින; මෙහෙසිය
මහේස්ත්‍රාත්
නා.ප්‍ර. විනිශ්චයකරු (ඉං. magistrate)
මහෝඝය
නා. විශාල ජල ප්‍රවාහය (පා. මහොඝ)
මහෝදර
නා.ප්‍ර. මහත් වූ උදරය (පා. මහොදර)
මහෝපාධ්‍යාය
නා.ප්‍ර. උපදෙස් දෙන ප්‍රධාන ගුරුවරයා/ උපකුලපතිවරයා
මහෞෂධ
නා.ප්‍ර. උම්මග්ග ජාතකයේ බෝසත් පඬිවරයාගේ නාමය/ හස්තසාර ඖෂධය (සං. මහෞෂධ)