සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1207
මර්දක
වි. මර්දනය කරන ; මඩින ; පෙළන.
මර්දකය
(පාරිභා.) නා. මඩින උපකරණය.
මර්දනය
1. නා. මැඩීම ; පෑගීම.
2. තද කිරීම ; තෙරපීම. තැළීම.
3. (තෙල් යුෂ ආදිය ගැනීම සඳහා) මිරිකීම ; පොඩි කිරීම.
4. ඇතිල්ලීම ; මිරිකීම ; ගැල්වීම ; ආලේපනය කිරීම.
5. මැඩපැවැත්වීම ; නැති කිරීම.
6. සැර අඩු කිරීම ; බාල කිරීම.
7. දමනය කිරීම ; පරාජය කිරීම ; අභිභවනය කිරීම.
මර්දල භේරි
නා.ප්ර. බෙර විශේෂයක් ; මද්දල.
මර්දිත
1. වි. තළා දමන ලද ; පොඩි කරන ලද.
2. අභිභවනය කරන ලද ; පරාජය කරන ලද.
3. පාලනය කරන ලද ; මර්දනය කරන ලද.
4. කුඩු කරන ලද.
මර්මච්ඡේදක
වි. නින්දාජනක ; අන්යයනට අතිශය ලජ්ජා උපදවන.
මර්මඥ
වි. සියුම් ඥානයක් ඇති ; අතිදක්ෂ.
මර්මභේද
වි. අන්යයන්ට ලජ්ජා නින්දා ගෙන දෙන වාග් ප්රහාර ඇත්තා වූ.
මර්මය
1. නා. (මාංශ, ශිරා, ස්නායු, අස්ථි, සන්ධි යන මේ පංචස්ථාන සම්බන්ධ) මාරක ස්ථානය ; ප්රාණ දරන ස්ථානය ; මරුතැන.
2. දුර්වල ස්ථානය හෝ කාරණය.
මර්මරය
1. නා. මඳ පවන ; මන්ද මාරුතය.
2. සරසර ගාන ශබ්දය.
මර්මස්ථාන
නා.බහු. මර්ම පිහිටි තැන ; (ශරීරයේ පංචස්ථාන සම්බන්ධව) පහරක් වැදීමෙන් මරණය සිදුවිය හැකි ස්ථාන ; ප්රාණ ස්ථාන.
මර්යාදාව
1. නා. සීමාව.
2. (ගං හෝ ආදියෙහි) වේල්ල.
3. මුහුදු සීමාව ; වෙරළ.
4. සීමාවක් පෙන්නුම් කරන බැම්ම; සීමාව දැක්වීමට බැඳී ප්රාකාරය.
5. ආචාර ධර්ම ; චාරිත්ර.
මර්යාව
1. නා. මුහුදු සීමාව ; වෙරළ.
2. මායිම ; සීමාව.
3. අවංකකම ; නොවක්බව.
4. යහපත් හැසිරීම ; ආචාරධර්මවලට අනුකූල ව ක්රියා කිරීම.
මරා
නා. මරකත මාණික්යය ; මරාමිණ.
මරාටි
1. නා. භාරතයේ මහාරාෂ්ට්ර ප්රාන්තයට අයත් ජන වර්ගය.
2. මහාරාෂ්ට ප්රාන්තයේ භාෂාව.
මරාටු
නා.ප්ර. වියළි ලී කෝටු ; දිරාගිය ලී කැබලි.
මරාමිණ
නා.ප්ර. මරකත මාණික්යය.
මරාලය
1. නා. කෙනකු මළ පසු ඔහු ගේ චංචල දේපළ වෙනුවෙන් රජයට ගෙවිය යුතු බද්ද ; මළ බද්ද.
2. (ප්ර. යෙදේ) ගොඩ ; රාශිය.
3. (කථා.) මාරක වැඩ ; ඉතා කරදරකාරී කටයුතු.
4. (කථා.) උගුල ; ප්රයෝගය.
5. හදිසි වාසිය.
මරාලයා
1. නා. මරාල බද්ද එකතු කළ නිලධාරියා.
2. (පාරිභා.) මෘද්වංශිකයා.
3. (කථා.) අශීලාචාර පුද්ගලයා; නොහික්මුණු තැනැත්තා.
මරාසලවට
නා. මරකත මාණික්යයෙන් කළ ගල්පුවරුව ; මරකත සෛල පට්ටය.
මරි
වි. මෝඩ ; අඥාන.
1. නා.ප්ර. අජුද ක්රීඩාවේ දී භාවිත කරනු ලබන කඩදාසි කුට්ටමේ එක් කොළයක්.
2. තොණ්ඩුව.
3. ගවරෝගයක්.
4. නැවක වැඩ කරන කුලීකාරයා.
මරිච්ය
1. නා. රශ්මිය ; කාන්තිය
2. මිරිඟු දිය ; මිරිඟුව.
මරිය මග්දලේනා
නා. ක්රිස්තුන් වහන්සේ ගේ මව ; දෙව්මෑණියන් වන මරියා.
මරියා
1. නා. (ක්රිස්ති.) ක්රිස්තුන් වහන්සෙගේ මව ; දේවමෑණියෝ.
2. මෝඩයා ; අඥානයා.
3. නැවක වැඩ කරන කුලීකාරයා ; නෞකාවක සේවයේ නියුතු කම්කරුවා.