මාත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෂායාදි ඖෂධ පානයට මිශ්‍ර කරන සීනි මීපැණි ආදි ප්‍රතිවාපය.
2. රෝගයට හා අනුභව කළ ඖෂධයට ගැළපෙන හෙදකම ; පථ්‍ය සේවනය.
3. (රන් රිදී වැනි ලෝහ වර්ගයකට තවත් ලෝහ වර්ගයක්) එකතු කිරීම.
4. රත්රන්වල පිරිසිදු බව පිළිබඳ තත්ත්වමානය.
5. (කථා.) යමක ස්වාභාවික තත්ත්වය පවත්වා ගැනීමට අවශ්‍ය දෙය ; අනුගත දෙය ; ඔපය.
6. තෙල් ආදියේ පදම.
7. අතිස්වල්පය.
8. අකුරක ඇදය ; ඇලපිල්ල වැනි පිල්ල ; අක්‍ෂරාවයවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dash
2. Med. swab