සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1223
මාගධී
1. නා.ප්‍ර. මගධ දේශයෙහි භාෂාව ; පාලි භාෂාව.
2. කාව්‍ය අලංකාර රීතියක්.
මාගම
1. නා. මාතුගාම.
2. ස්ත්‍රිය ; කාන්තාව.
3. (කථා.) වේශ්‍යා ස්ත්‍රිය ; වෙසගන.
මාගරින්
නා.ප්‍ර. පැළෑටි හෝ සත්ව තෙල් සමග හයිඩ්රජන් සංයෝජනය කිරීමෙන් සාදා ගනු ලබන වෙඬරු ආදේශකයක්.
මාගල
නා. පන්, වැටකේ, තල් ආදි කොළවලින් වියන ලදුව, වී ආදි ඇට වර්ග වේළාගැන්ම වැනි කටයුතු සඳහා යොදා ගන්නා විශාල පැදුර.
මාඝාතය
නා. සතුන් මැරීම නැවැත්වීම සඳහා රජුන් විසින් පනවනු ලබන නියෝගය.
මාඞ්ගලික
වි. සුබදායක ; මංගල්‍ය ලක්ෂණ සහිත.
මාට්ටුව
(කථා.) නා. මූට්ටුව ; පිරිද්දුම ; ඈඳීම ; ඇමුණුම ; යා කිරීම.
මාඩාව
නා. කටින ලද කපු නූල් එතීමට ගන්නා රෝද විශේෂයක්.
මාඪ
නා.ප්‍ර. අමිශ්‍ර රත්රන්.
මාණ
1. නා.ප්‍ර. මහණ ; ශ්‍රමණ ; භික්ෂුව.
2. බර, තරම පිළිබඳ මිණුම් ප්‍රමාණයක්.
3. දුර ප්‍රමාණය ; වපසරිය.
මාණව
1. නා.ප්‍ර. තරුණයා.
2. සොරා.
3. බාලයා.
4. පුද්ගලයා.
මාණවකයා
1. නා. යොවුන් වියෙහි සිටින්නා ; තරුණයා.
2. සොරා ; චෞරයා.
මාණවිකාව
නා. යොවුන් වියේ සිටින්නිය ; මෙනෙවිය.
මාණ්ඩලික
1. වි. ප්‍රදේශයක් භාර ; මණ්ඩලයකට අධිපති ; දිසාභාර ; ප්‍රාදේශීය.
2. (නව.) පාලන ශ්‍රේණියට අයත් ; විධායක.
මාණ්ඩලිකයා
නා. දිශාවකට අධිපතියා ; ප්‍රධානියා ; දිසාපති.
3. (නව.) පාලන ශ්‍රේණියට අයත් නිලධාරි.
මාණික්‍ය රත්නය
නා. උතුම් මැණික ; සිතූ පැතූ සම්පත් දෙන උතුම් මැණික.
මාණික්‍යය
නා. මැණික.
මාතඞ්ග
1. නා.ප්‍ර. ඇතා ; හස්තියා.
2. සැඩොල් කුලය ; මාතංග ගෝත්‍රය.
3. වරක් චණ්ඩාල කුලයේ උපන් මහ බෝසතුන් ගේ නාමය.
මාතය
(පාරිභා.) නා. විධිය ; පිළිවෙළ ; ආචාර විචාර විධිය.
මාත්තු කරනවා
(පාරිභා.) ක්‍රි. (හස්ත කර්මාන්ත) 1. කිසියම් භාණ්ඩයක ඔපයක් නිසි පමණට පත් කරනවා.
2. පුළුන් ආදියෙන් තෙත් ගතිය නැති කරනවා.
3. මිශ්‍ර කරනවා ; කලවම් කරනවා.
4. ලෝහ වර්ග එකට මිශ්‍ර කර තත්ත්වය බාල කරනවා.
මාත්තු දමනවා
(කථා.) ක්‍රි. 1. පාට කරනවා ; දීප්තිමත් කරනවා ; ඔප දමනවා.
2. (මිශ්‍රණය කිරීමෙන් ලෝහ ආදිය) බාල කරනවා.
මාත්තු ලෝහය
නා. සියයට 36ක් නිකල් හා සියයට 64ක් වානේ මිශ්‍රණයෙන් සාදාගත් ලෝහය.
මාත්තුව
1. නා. කෂායාදි ඖෂධ පානයට මිශ්‍ර කරන සීනි මීපැණි ආදි ප්‍රතිවාපය.
2. රෝගයට හා අනුභව කළ ඖෂධයට ගැළපෙන හෙදකම ; පථ්‍ය සේවනය.
3. (රන් රිදී වැනි ලෝහ වර්ගයකට තවත් ලෝහ වර්ගයක්) එකතු කිරීම.
4. රත්රන්වල පිරිසිදු බව පිළිබඳ තත්ත්වමානය.
5. (කථා.) යමක ස්වාභාවික තත්ත්වය පවත්වා ගැනීමට අවශ්‍ය දෙය ; අනුගත දෙය ; ඔපය.
6. තෙල් ආදියේ පදම.
7. අතිස්වල්පය.
8. අකුරක ඇදය ; ඇලපිල්ල වැනි පිල්ල ; අක්ෂරාවයවය.
මාත්සර්යය
නා. මත්සර හෙවත් මසුරු බව ; අධික ලෝභය.