සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1222
මළදානය
(කථා.) නා. 1. මැරුණු කෙනකු වෙනුවෙන් දෙන දානය ; මතක හෙවත් සත්දින, තුන්මස ආදි වසයෙන් දෙන දානය.
2. (කථා.) වැඩකට නැති දෙය.
මළපත
1. නා. මැරුණු කොළය ; වියළුණු කොළය.
2. මරණයක් දන්වන ලියමන ; මළස්න.
මළපළා
1. නා.ප්‍ර. (නුවර යුගයේදී) අයිතිකරුගේ මරණයෙන් පසු උරුමක්කාරයන් නැතිකමින් රාජසන්තක වූ ඉඩම.
2. ජනයා පදිංචි නැති ප්‍රදේශය ; අයිතිකාරයන් මළ පසු පාළුවට ගිය ඉඩම.
ම්ලාන
වි. මැලවුණු ; පරවූ.
ම්ලේච්ඡ
1. වි. ශිෂ්ට නොවූ ; අශිෂ්ට ; ආර්ය නොවූ ; අනාර්ය.
2. බියගුලු.
මා
නා. ම ශබ්දකාරකයෙහි අනුක්ත රූපය.
වි. ඉතා ; මහත් ; විශාල.
1. නා.ප්‍ර. මව ; ජනනී ; මාතෘ.
2. සඳ ; චන්ද්‍රයා.
3. මග ; මාර්ගය.
4. අමාව ; අමෘතය.
5. (ජ්‍යෝති.) නැකත් විසි හතෙන් එකක්.
6. පැරණි මිනුම් ප්‍රමාණයක්.
7. මායාව.
8. ලාකඩ ; ලතු.
9. ශ්‍රී කාන්තාව ; ලක්ෂ්මිය.
10. සඳුන්.
11. මාතිකා පාළිය ; භික්ෂු භික්ෂුණී උභය ප්රාතිමෝක්ෂය.
මාංචුව
නා. (හිරකරුවන්ගේ) දෑත් එකට ඈඳනු පිණිස ගන්නා අන්‍යෝන්‍යව ඈඳුණු ලෝහමය වළලු යුවළ.
මාංජිෂ්ඨ
නා.ප්‍ර. මදටිය පැහැය ; බුදුරැස් මාලාවේ වර්ණ හයෙන් එකක්; බෞද්ධ කොඩියේ යොදා ඇති වර්ණ පහෙන් එකක්.
මාංඩාව
නා. දුන්නෙහි කොන ; දුනු මුඩාව.
මාංස
1. නා.ප්‍ර. සත්ත්ව ශරීරයෙහි ඇති පේශි ප්‍රතානය ; මස.
2. ඵලයක ඇතුළත පිහිටි බෙහෙවින් ආහාරයට ගත හැකි කොටස ; මදය.
3. ගසක කඳන් හරහට කැපූ විට වයිරම් වසයෙන් පෙනෙන කඳේ ඇතුළත කොටස.
4. පාන් ආදිය පිලිස්සීම සඳහා පදම් කරන ලද පිටි ආනම.
මාංස උත්ථානය
නා. (ක්‍රිස්ති.) අවසාන ලෝක විනිශ්චයේ දී ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම.
මාංසගත
වි. (ක්‍රිස්ති.) ශරීරයක් ඇති ; මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටින.
මාංසල
වි. මස් සහිත වූ ; මසින් පිරුණු ; මාංසමය ස්ථූල.
මාංසික
වි. ලෞකික ආශාවලින් යුක්ත.
මාංසිය
(කථා.) නා.ප්‍ර. මහංසිය.
මාඇඟි
වි. අගනා ; අනගි ; වටිනා.
මාඉම
නා. (ඉඩම් ආදි) යමක් තවෙකකින් වෙන් කරන සීමාව.
මාඉම් ඉන්න
(පාරිභා.) නා. අංකිත සීමාව දක්වන කණුව ; සීමාංකන කුළුන.
මාඉම්ගල
(පාරිභා.) නා. 1. ප්‍රදේශයක කැපී පෙනෙන යමක්.
2. වත්තක, රටක ඉම සලකුණ.
3. ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරන සිදුවීමක්.
මාඋර
නා.ප්‍ර. මහා බ්‍රහ්මයාගේ භාර්යාව ද, වචනයට අධිපති දෙවඟන ද සේ සැලකෙන සරස්වතී.
මාක්ස්වාදය
නා. කාල් මාක්ස් ඉදිරිපත් කළ විප්ලවකාරී සමාජවාදී දර්ශනය.
මාක්ස්වාදියා
නා. කාල් මාක්ස්ගේ සමාජවාදය ගුරු කොට ගත් තැනැත්තා ; මාක්ස් වාදය අනුගමනය කරන්නා.
මාගධ
වි. මගධ දේශයෙහි භාෂාවෙහි හෝ සාහිත්‍යයෙහි වූ ; මගධ දේශයට අයත්.
නා.ප්‍ර. මගධ දේශය හා එහි භාෂාව වන මාගධී.
මාගධිකයා
නා. මගධයෙහි උපන් තැනැත්තා ; මගධ භාෂාව භාවිත කරන්නා.