මා

mā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ම ශබ්දකාරකයෙහි අනුක්ත රූපය.
වි. ඉතා ; මහත් ; විශාල.
1. නා.ප්‍ර. මව ; ජනනී ; මාතෘ.
2. සඳ ; චන්ද්‍රයා.
3. මග ; මාර්ගය.
4. අමාව ; අමෘතය.
5. (ජ්‍යෝති.) නැකත් විසි හතෙන් එකක්.
6. පැරණි මිනුම් ප්‍රමාණයක්.
7. මායාව.
8. ලාකඩ ; ලතු.
9. ශ්‍රී කාන්තාව ; ලක්ෂ්මිය.
10. සඳුන්.
11. මාතිකා පාළිය ; භික්ෂු භික්ෂුණී උභය ප්‍රාතිමෝක්ෂය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. චන්ද්‍රයා.
නි. එපා; වැළැක්වීමෙහි නිපාතයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. ප්‍රතිෂෙධයෙහි, වැලැක්වීමෙහි.
√ ක්‍රි. පමාණෙ, මැණීමෙහි, මිණාති, ප්‍ර‍මාණ කරයි.
√ භු. පමාණෙ, මැණීමෙහි, මාති, මැණීම කරයි.
පු. චන්ද්‍ර‍යා, සඳු. (පි. 421)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pron. me

Digital Pāḷi Dictionary