මාත්‍රාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇසිපිය හෙළීමට හෝ අසුරුසනකට ගත වන කාලය ; නිමේෂය ; ඒ කාලය තුළ උච්චාරණය කළ හැකි ශබ්දය.
2. (සංගී.) ශබ්දයක් පවතින කාලය.
3. තරම ; සමත්කම.
4. වරකට ගත යුතු බෙහෙත් ආහාරපාන ආදියේ ප්‍රමාණය.
5. තෙල් බින්දු අටක ප්‍රමාණය.
6. ඉතා සුළු ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ස්වල්පය/ වරකට ගතයුතු බෙහෙත් ප්‍රමාණය/ කෙටි ප්‍රාණාක්ෂරය; ලුහු අකුරක් හැඬවීමට යන කාලය/ සංගීතයෙහි ශබ්දයක් පවතින කාලය (සං. මාත්‍රා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bit
2. Che. caliber
3. n. calibre
4. dosage
5. n. dose
6. Civ. gauge
7. n. mass
8. n. metre
9. n. mora
10. n. quantity
11. Aes. syllable