මුවවිට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. භාජනයක ගැටිය ; බඳුන් ගැට්ට.
2. ආවාටයක් හෝ ප්රපාතයක් ආරම්භ වන ස්ථානය ; උස් බිමක කෙළවර ; දාරය.
3. වහලේ පලයක කෙළවර.
4. රෝදයේ වට රවුම.
5. පැදුරු, පෙට්ටි ආදියෙහි වාටිය ; මෝවිට.
6. ජලාශ අද්දර පිහිටි ගොඩබිම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. brim