මෙවුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුරාණ කාන්තාවන් විසින් ඉණේ බඳින ලද ඉතා විසිතුරු කැටයමින් යුත් ආභරණයක් ; මේඛලාදාමය.
2. ඔටුන්න.
3. කඳු බෑවුම.
4. (පාරිභා.) (සත්ව.) ශ්‍රෝණි මේඛලාව ; පෘෂ්ඨවංශීන්ගේ සඟල උපාංග සම්බන්ධ වී ඇති අභ්‍යන්තර කංකාලයේ මාලයක හැඩ ඇති අවයවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉණ පලඳින කාන්තා ආභරණයක්; මේඛලාව (පා. සං. මෙඛලා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. basque
2. Bot. girdle