සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1272

මෙනු තිරය

නා. පරිගණක විධාන සහිත තිරය.

මෙනුව

නා. ක්‍රම ලේඛයක දී කිසියම් කාර්යයක් ඉටු කිරීම සඳහා ලබාගත හැකි විධාන හා විකල්ප දැක්වෙන ලැයිස්තුව ; වරණපත.

මෙනෙහි කරනවා

ක්‍රි. සිහි කරනවා ; කල්පනාවට ලක් කරනවා ; ආවර්ජනා කරනවා.

මෙය

1. නා. මේ දෙය.
2. මේඝය ; වර්ෂාව.

මෙර

1. නා. මහමේරු පර්වතය.
2. ඉතා බර වූව.

මෙරඟ

1. නා.ප්‍ර. මිරිඟුව ; මරිචි.
2. මේ නැටුම ; මේ රංගනය.
වි. මෙ වැනි ; මේ ආකාර.

මෙරය

1. නා.ප්‍ර. මහමේරු පර්වතය.
2. සුරාව මත්පැන්.
3. රා වූ පැණි ; කල් ගිය පැණි.

මෙරා

නා.ප්‍ර. අන්‍යයා ; අන්‍ය පුද්ගලයා.

මෙලනින්

(පාරිභා.) නා.ප්‍ර. මිනිස් සිරුරේ පැහැය ලබාදෙන වර්ණයක්.

මෙල්ල

1. නා.ප්‍ර. හීලෑගතිය ; කීකරුබව ; අවනතබව.
2. මොළොක්බව ; තද නැතිබව ; බුරුල.

මෙවලන්

නා.ප්‍ර. යම්කිසි වෘත්තියක් සඳහා පාවිච්චි කරන උපකරණ ; ආම්පන්න.

මෙවුන්දම්

නා.ප්‍ර. ස්ත්‍රී පුරුෂ සමාගමය ; මෛථූනය ; අඹුසැමියන් ලෙස හැසිරීම.

මෙවුල

1. නා. පුරාණ කාන්තාවන් විසින් ඉණේ බඳින ලද ඉතා විසිතුරු කැටයමින් යුත් ආභරණයක් ; මේඛලාදාමය.
2. ඔටුන්න.
3. කඳු බෑවුම.
4. (පාරිභා.) (සත්ව.) ශ්‍රෝණි මේඛලාව ; පෘෂ්ඨවංශීන්ගේ සඟල උපාංග සම්බන්ධ වී ඇති අභ්‍යන්තර කංකාලයේ මාලයක හැඩ ඇති අවයවය.

මෙසේ

ක්‍රි.වි. මෙ ලෙසින් ; දේ ආකාරයෙන් ; මේ පරිද්දෙන්.

මෙහෙ

1. නා.ප්‍ර. කාර්යය ; සේවය ; කටයුත්ත.
2. උපස්ථානය ; වතාවත ; ආවතේව.
3. භෝජනය ; ආහාරය.
4. මේඝය ; වර්ෂාව.
5. මේ ස්ථානය.

මෙහෙකරුවා

නා. වැඩකාරයා ; සේවකයා.

මෙහෙණ

නා.ප්‍ර. භික්ෂුණිය ; පැවිදි වූ ස්ත්‍රිය.

මෙහෙණවර

නා.ප්‍ර. භික්ෂුණීන් වසන ආශ්‍රමය.

මෙහෙයනවා

1. ක්‍රි. යම් ක්‍රියාවක් කිරීමට යොමු කරනවා ; පොලඹවනවා.
2. යම් කටයුත්තක් හසුරුවනවා ; මෙහෙයවනවා.

මෙහෙවර

1. නා.ප්‍ර. වැඩ කටයුතු ; කළ යුතු දෙය ; ජීවිත අරමුණ.
2. පණිවිඩය ; දූත ගමන.
3. නියෝගය ; නියමය.

මෙහෙසිය

නා. බිසොව ; මහේෂිකාව.

මෙහෙසුරා

නා. මහ දෙවියා ; මහේශ්වරයා ; බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන ත්‍රිමූර්තියෙන් එකකි.