සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1271
මෘදුකාංග
නා.ප්‍ර. පරිගණකයක දළාංගවලට ඒවා කෙසේ හැසිරිය යුතුදැයි උපදෙස් දෙන ක්‍රමලේඛය හෝ ක්‍රමලේඛ සමූහය.
මෘදුගුණය
නා. මොළොක් ගුණය ; කීකරුකම ; සුකුමාර බව.
මෘෂා
නා.ප්‍ර. අසත්‍යය ; බොරුව ; මුසාව.
මෙ
1. නි. ඉදිරිපිට සමීප ව පෙනෙන, සිටින, පවතින.
2. යමක් අවධාරණයෙන් යුක්තව, බරකොට, නිශ්චය කොට පැවසීමේ නිපාතයක්.
නා.ප්‍ර. මේඝය ; මහ වැස්ස.
මෙ තර
නා.ප්‍ර. ගංගා, සමුද්‍ර ආදියෙහි මෙගොඩ ; මෙහා තීරය ; මෙහා ඉවුර.
මෙ තරම්
වි. මෙ පමණ ; මෙ විතර ; මෙච්චර.
මෙ පිට
නා.ප්‍ර. මෑත ; මෙහෙ ; මොබ.
මෙ බඳු
වි. මේ ආකාර ; මෙ වැනි ; මේ හා සමාන වූ.
මෙ වක
නා. මේ වකවානුව ; මේ කාලය ; මේ සමය.
ක්‍රි.වි. මේ කාලයෙහි ; මේ යුගයෙහි.
මෙගා
(පාරිභා.) උ. 1. විශාල යන තේරුම දෙන උපසර්ගයක්.
2. මීටර් ක්රමයේ දී දශලක්ෂය යන තේරුම දෙන උපසර්ගයක්.
මෙගොඩ
නා.ප්‍ර. මුහුදු, ගංගා ආදි දිය තීරයකින් මෙහා පැත්ත ; මෙ තෙර ; මේ පැත්ත.
මෙච්චර
වි. මෙ විතර ; මෙ පමණ ; මෙ තරම්.
මෙටතේරියා
(පාරිභා.) නා. (සත්ව.) ජලාබුජ ක්ෂීරපායින්ගේ උපවර්ගයක් ; අලුත උපන් පැටවා මඩිස්සලයක ගෙන යන ජලාබුජ ක්ෂීරපායී සත්ත්ව වර්ගය.
මෙට්ටය
නා. ඇඳ, පුටු ආදියට දැමීම සඳහා කොහු, පුලුන් ආදිය පුරවා සකස් කළ ගුදිරිය ; තුලිකාව ; කුඩිච්චම.
මෙට්රොනෝමය
නා. මිනිත්තුවකට වැඩ කරන වාර ගණන මැනීමෙන් ගීතයක වේගය දැනගත හැකි උපකරණයක් ; මාත්රාගණකය.
මෙණෙවිය
1. නා. යොවුන් වියෙහි සිටින තැනැත්තිය තරුණිය ; මාණවිකාව.
2. අවිවාහක ස්ත්‍රිය.
මෙත
නා. මෛත්‍රිය.
මෙතන
නා. මේ තැන ; මේ ස්ථානය.
මෙත් සුත
නා. තුන් සූත්‍රයෙන් එකක් වන කරණීයමෙත්ත සූත්‍රය.
මෙත්තා
නා.ප්‍ර. මෛත්‍රිය ; මිත්රභාවය ; සියලු සත්ත්වයන් කෙරෙහිම පතුරුවන හිතවත් භාවය.
මෙතිලේටඩ් ස්ප්‍රීතු
(රසා.) නා.ප්‍ර. පරිමාවෙන් 90%ක් එතිල් ඇල්කොහොල් ද, 9.5% මෙතිල් ඇල්කොහොල් ද, 0.5%ක් පිරිසින් ද මෙතිල් වයලට් නම් දම්පාට සායමෙන් ස්වල්පයක් ද අන්තර්ගත ද්‍රව ඉන්ධනය.
මෙතුවක්
වි. මෙතෙක් ; මෙපමණ.
මෙතේන්
නා.ප්‍ර. ගඳක්, සුවඳක් හෝ පාටක් නැති වායුවක්.
මෙන්න
1. නි. ඉදිරියෙහි ඇති දෙයක් පෙන්වීමෙහි යොදන නිපාතයක්.
මෙනු
නා.ප්‍ර. මානය ; උඩඟු බව.