සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1270
මෘගමද
නා.ප්‍ර. කස්තුරි.
මෘගමායම්
නා.ප්‍ර. උවදුරුවලින් බේරීම සඳහා මුවන් කරන ප්‍රයෝගය.
මෘගයා
1. නා. මුවා.
2. සිවුපාවා ; තිරිසනා.
මෘගාක්ෂිය
නා. මුවන්ට බඳු ඇස් ඇති තැනැත්තිය ; මියුලැසිය ; කාන්තාව.
මෘගාධමයා
නා. සිවුපාවුන් අතර නීචයා ; හිවලා.
මෘගේන්ද්රයා
නා. සිවුපාවන්ගේ ප්‍රධානයා ; සිංහයා.
මෘණාල
වි. සිහින් වූ ; කෙසග වූ.
1. නා.ප්‍ර. නෙළුම් දඬු ආදියෙහි ඇති සිහින් නූල හෙවත් කෙන්ද.
2. නෙළුම් අල.
3. නෙළුම.
4. කේශර.
මෘත
වි. මළා වූ ; මැරුණු.
මෘත කාඨින්‍යය
(පාරිභා.) නා. මරණයෙන් පසු මාංශ පේශිවල ඇති වන තදගතිය ; මළ සිරුර දරදඬුවීම.
මෘත පදාර්ථය
නා. අජීව වස්තුව.
මෘත ශරීරය
නා. මළ සිරුර ; මෘතකලේබරය.
මෘතකලේබරය
නා. මළ සිරුර ; මෘත දේහය.
මෘත්තිකා
නා.ප්‍ර. ජලය කැවී මොළොක් වූ රොන් පස ; මැටි.
මෘත්‍යු
1. නා.ප්‍ර. මරණය.
2. මාරයා ; මාර දිව්‍යපුත්‍රයා.
3. (ජ්‍යෝති.) අශුභ හෝරාව.
මෘත්‍යු මාරයා
නා. පංච මාරයන් අතරින් එක් මාරයෙක් ; මරණය නමැති මාරයා.
මෘත්‍යු ලිඛිතය
(පාරිභා.) නා. පුද්ගලයකු සිය මරණයට පෙර තමාගේ හිමිකම් ආදිය පිළිබඳ ව ලියා සහතික කොට තබන පත්‍රය ; අන්තිම කැමති පත්‍රය.
මෘතෝපජීවී
[මෘත + උපජීවී]
වි. මළ හෝ දිරාපත් වූ ද්‍රව්‍ය මත ජීවත්වන්නා වූ.
මෘදංග
නා.ප්‍ර. මිහිඟු බෙරය.
මෘද්
නා.ප්‍ර. මැටි.
මෘද්භාණ්ඩ
(පාරිභා.) නා.ප්‍ර. මැටිවලින් සෑදු භාණ්ඩ.
මෘද්වංගියා
(පාරිභා.) නා. ඛණ්ඩනය නොදක්වන ගොලුබෙල්ලන්, මට්ටියන් හා බූවල්ලන් වැනි සිලෝමික සත්ත්වයන් ; ශරීරය ආවරණය කරන කටුවක් සහිත මෘදු ශරීර ඇති සත්ත්ව විශේෂයක්.
මෘදු
1. වි. මොළොක් ; සිනිඳු.
2. කාරුණික ; රළු-පරුෂ නොවූ.
3. කඨෝර නොවන : (ජලය වැනි දෙයක රසායනික සංයුතිය සම්බන්ධයෙන් යෙදේ).
4. ළා ; නොමේරූ.
1. නා.ප්‍ර. නැකැත් ගණ ප්‍රභේදයක්.
2. (හින්දු යෝග දර්ශනයෙහි) යෝගියකු කෙරෙහි වන උපාය පඤ්චකය සම්බන්ධ ප්‍රභේදනය අතුරෙන් එකක්.
මෘදු ජලය
නා. සබන්වලින් වහා පෙණ නගින ජලය ; ඛණිජ ; ලවණයන් නොමැති ජලය.
මෘදු යකඩ
නා.ප්‍ර. කාබන් අඩු යකඩ ; චුුම්බකන ක්ෂේත්රය ඉවත් කළ විට චුම්බකත්වය ඉවත් වන යකඩ.