රත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඇලුණු ; රක්ත ; ආශක්ත ; අනුරක්ත.
2. රතුපැහැයෙන් යුත් ; රතු ; රක්ත වර්ණ.
3. ලෙය හා සම්බන්ධ ; ලෙයින් ජනිත.
4. රත් වූ ; තප්ත වූ ; තැවුණු.
1. නා.ප්ර. ඇල්ම ; ආශාව ; රිසිය ; කැමැත්ත.
2. රතුපැහැය ; රතුපාට.
3. ලෙය ; රිහිරි ; රුධිරය.
4. රතු රෙද්ද ; රතු පැහැති වස්ත්රය.
5. ඇස් රෝගයක්.
6. ළදරුවනට වැලඳෙන රෝගයක් ; රතගාය.
7. මෙවුන්දම.
8. මානෙල් මල.
9. ඛනිජ විශේෂයක් ; සාදිලිංගම් ; මනෝසීල.
10. රථය ; රිය.
වි. රත බ.
1. නා.ප්ර. රජ ; රද්.
2. දෙවියකුගේ නාමය ; බලභද්ර.
3. ඉණ බඳින පටිය ; කායබන්ධනය.