සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1317
රතදර
රතදිටි
නා.ප්‍ර. හස්තියා ; ඇතා.
රතන
1. නා.ප්‍ර. මැණික ; රුවන ; මිණ.
2. ශ්‍රේෂ්ඨ වස්තුව.
3. ගලන ලෙය ; වැගිරෙන රුධිරය.
4. කඩ ඇණය.
5. රියන.
රතන සූත්‍රය
නා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම පිණිස දේශනා කළ සූත්‍රය ; රුවන් සුතුර.
රතනඝර
නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් සතරවැනි සතියේ දී වැඩ සිටි ස්ථානය ; රුවන්ගෙය.
රතනචඞ්ක්රමණය
නා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් තුන්වැනි සතිය ගත කළ රුවන් සක්මන.
රතනාකරය
නා. රත්නවලට ආකරයක් වූ ස්ථානය ; සාගරය ; සයුර ; රුවනාර.
රතලවන
නා. රතුපාට තොල ; රක්තාධරය.
රතසර
නා.ප්‍ර. රතුපාට නෙළුම් මල.
රත්
වි. රත බ.
1. නා.ප්‍ර. රජ ; රද්.
2. දෙවියකුගේ නාමය ; බලභද්‍ර.
3. ඉණ බඳින පටිය ; කායබන්ධනය.
රත් අඬුකටුව
(පාරිභා.) නා. ගිනියම් කළ ලෝහයක් ඇල්ලීමට ආධාර කරගන්නා අඬුව.
රත් කටුව
නා. ගිනියම් කළ ලෝහයක් කැපීමට භාවිත කරනු ලබන ආයුධයක නාමය.
රත් පිරියම
(පාරිභා.) නා. වානේවල ව්‍යුහයත් ගුණයත් පාලනය කිරීම සඳහා රත් කිරීම.
රත්කම්බි ඇමීටරය
(පාරිභා.) නා. විද්‍යුත් ධාරාවක ඇම්පියර ප්‍රමාණය මනින උපකරණයක්.
රත්කම්බි වෝල්ට් මීටරය
නා. රත් කම්බි මූල ධර්මය මත ක්‍රියා කරන මාපකයක විද්‍යුත් ධාරාව මැනීමේ උපකරණයක්.
රත්ක්රමය
නා. ලෝහ මත ලාක්ෂා ගැල්වීමේ ක්‍රම දෙකෙන් එකක්.
රත්ගත්
නා.ප්‍ර. අඟහරු හෙවත් කුජ ග්‍රහයා.
රත්ත
1. වි. රත් වූ.
2. රාගයෙන් යුකත් වූ ; ආශාවෙන් පිරි.
3. සායම් පොවන ලද.
3. රක්තවර්ණ වූ.
1. නා.ප්‍ර. ලෙය ; රුධිරය.
2. රාත්‍රිය.
3. සෘතුව ; සමය.
4. ගින්න ; ගින්දර ; අග්නිය.
රත්තඤ්ඤු
වි. පැවිදිව බොහෝ කල් ගත වූ ; ඉතා වැඩිමහලු වූ.
රත්න
1. නා.ප්‍ර. මැණික ; මාණික්‍යය ; මිණි රුවන.
2. දුර්ලභ වූ ශ්‍රේෂ්ඨ වස්තුව ; අගනා ධනය ; නවරුවන් හා හස්ති රත්නාදිය.
3. ඒ ඒ වර්ගයන්හි ප්‍රධානයා.
4. රාජිනිය.
5. මිනුම් ප්‍රමාණයක් රියන.
6. සත්ත්වයිනට පිහිට පිණිස පවතින දේ ; උතුම් පිහිට.
රත්න පර්යඞ්කය
නා. රුවන් පුටුව ; රුවනින් නිම කළ අසුන.
රත්නත්‍රය
නා. බුද්ධ, ධම්ම, සංඝ යන රුවන් තුන ; තුනුරුවන ; ත්‍රිවිධරත්නය.
රත්නදීප
නා.ප්‍ර. පුරාණයේ සිට ම මැණික් සඳහා ප්‍රසිද්ධ වූ හෙයින් ශ්‍රී ලංකාව හැඳින්වුණු නාමයක් ; රුවන් දූපත.
රත්නමය
වි. රුවනින් නිම කරන ලද ; රුවන්මුවා ; මාණික්‍යමය.