සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1316

රණ සරඹ

නා.ප්‍ර. යුද්ධ ශිල්ප ප්‍රදර්ශනය ; යුද්ධ ක්‍රීඩා පැවැත්වීම ; යුද සරඹ දැක්වීම.

රණකම්

නා.ප්‍ර. සටන් කිරීම ; යුද්ධ කාර්යය ; මල්ලව පොරය.

රණකාමිත්වය

නා. සටන් කිරීමට ආශා ඇති බව ; සංග්‍රාම ප්‍රියතාව ; රණලෝලත්වය ; රණකාමය.

රණකෙළිය

නා. යුද්ධය නමැති ක්‍රීඩාව ; ක්‍රීඩාවක් කොට ගත් සංග්‍රාමය ; රණ ක්‍රීඩාව.

රණග

[රණ + අග]
නා. යුද්ධය නැමති ගින්න ; යුදගින්න.

රණඞ්ගණය

[රණ + අඞ්ගණය]
නා. යුද්ධ භූමිය ; සටන්බිම ; රණගණ.

රණඤ්ජය

නා. යුද්ධය දිනීම ; යුද්ධ ජය.

රණඤ්ජයා

නා. යුද්ධය ජය ගන්නා.

රණතන්ත්‍ර

නා.ප්‍ර. යුද කිරීම පිළිබඳ උගන්වන ශාස්ත්‍රය ; යුද්ධ ශිල්පය.

රණධරණී

නා.ප්‍ර. යුද්ධ භූමිය ; රණදෙරණ.

රණබලය

නා. යුද්ධ සඳහා යෙදවිය හැකි ශක්තිය ; සංග්‍රාම ශක්තිය ; යුද්ධ බලය.

රණබිම

නා. යුධ පිටිය ; යුද්ධ භූමිය ; සංග්‍රාම භූමිය.

රණබෙරය

නා. යුද්ධය සඳහා පිටත්ව යෑමේ දී හෝ යුද්ධ භූමියේ දී ගසන භේරිය ; යුද බෙරය.

රණමඬල

නා.ප්‍ර. යුද බිම ; රණ මණ්ඩලය.

රණමුඛ

නා.ප්‍ර. යුද පෙරමුණ ; සංග්‍රාම මුඛය.

රණවි

නා.ප්‍ර. යුද්ධ කිරීමේ දී භාවිතකරන ආයුධ ; යුද අවි.

රණවිද්‍යාව

නා. යුද්ධ කිරීම පිළිබඳව උගන්වන ශාස්ත්‍රය.- රණ ශිල්පය ; යුද සිප්.

රණසෙන්

නා.ප්‍ර. යුද්ධ සේනාව ; යුද හමුදාව ; බල පිරිස.

රණහංස යෝගය

නා. ඉෂ්ට ඵල ගෙන දෙන ග්‍රහ යෝගයක්.

රත

1. වි. ඇලුණු ; රක්ත ; ආශක්ත ; අනුරක්ත.
2. රතුපැහැයෙන් යුත් ; රතු ; රක්ත වර්ණ.
3. ලෙය හා සම්බන්ධ ; ලෙයින් ජනිත.
4. රත් වූ ; තප්ත වූ ; තැවුණු.
1. නා.ප්‍ර. ඇල්ම ; ආශාව ; රිසිය ; කැමැත්ත.
2. රතුපැහැය ; රතුපාට.
3. ලෙය ; රිහිරි ; රුධිරය.
4. රතු රෙද්ද ; රතු පැහැති වස්ත්‍රය.
5. ඇස් රෝගයක්.
6. ළදරුවනට වැලඳෙන රෝගයක් ; රතගාය.
7. මෙවුන්දම.
8. මානෙල් මල.
9. ඛනිජ විශේෂයක් ; සාදිලිංගම් ; මනෝසීල.
10. රථය ; රිය.

රතකමල

නා. රත් පියුම ; රතුපාට නෙළුම.

රතකාර

නා.ප්‍ර. සම් යොදා වැඩකරන්නා ; සොම්මරා ; සොම්මාරුවා.

රතඟ

1. නා.ප්‍ර. කුජ හෙවත් අඟහරු ග්‍රහයා.
2. කොකුම් ; කුඞ්කුම.

රතතල

[රත් + අත්ල]
නා.ප්‍ර. රතුපාට අත්ල.