සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1315
රටපහ
නා.ප්‍ර. සෙංකඩගල ප්‍රදේශ රාජ්‍යයට අයත් ව පැවති කන්ද උඩ පස්රට ; උඩුනුවර, යටිනුවර, දුම්බර, හාරිස්පත්තුව සහ හේවාහැට යන පළාත් පහ.
රටපහරනවා
1. ක්‍රි. දේශය කොල්ලකනවා.
2. මං පැහැරීම් ආදී දාමරික ක්‍රියාවන්ගෙන් ප්‍රදේශවාසීන් පෙළනවා.
රටබද්ද
නා. පුරාණ ලංකාවේ රටකින් හෙවත් කෝරළයකින් සාමූහිකව රජයට ගෙවිය යුතු වූ බද්ද.
රටබීම
නා.ප්‍ර. පිටරටින් ගෙන්වනු ලබන මත්පැන් වර්ග ; විදේශවලින් ආනයනය කරන මද්‍යපාන.
රටයකා
නා. තරුණ අඟනන් ලෙඩ කරවතැයි විශ්වාස කරනු ලබන කළු කුමාරයා නම් යක්ෂයා.
රටයකුම
නා. විශේෂයෙන් ගර්භිණීන්ගේ රෝග උපද්‍රව දුරු කිරීම සඳහා කරන ශාන්ති කර්මයක්.
රටලද්දා
1. නා. රටක වාසය කරන පුද්ගලයා ; රටවැසියා.
2. උඩරට රාජධානි සමයෙහි උඩුනුවර ආදී රට නවයෙන් එකක් පාලනය කළ නිලධාරියා.
රටලොවිච්චිය
නා. ගවුමේ අලංකාරය වශයෙන් යෙදූ රැළි වාටිය.
රටවසම
නා. සෙංකඩගල රාජ්‍ය සමයෙහි රටේ මහත්තයා නම් නිලධාරියා සතු ඉඩකඩම්.
රටවායුව
නා. රට අඟුරු වායුව.
රටවැසි භාවය
නා. යම්කිසි රටකට හෝ ජාතියකට අයත්වීම ; පුරවැසි බව.
රටවැසියා
නා. රටෙහි ස්ථිර පදිංචිකරුවා ; ස්වදේශිකයා ; පුරවැසියා.
රටසභාව
නා. මහනුවර රාජ්‍ය සමයේ දී අධිකරණ බලතල හිමි වූ මණ්ඩලයක්.
රටහුනු
1. නා.ප්‍ර. කැල්සියම් කාබනේට් සංයුක්ත පාෂාණ විශේෂයක්.
2. විශේෂයෙන් කළුලෑල්ලේ ලිවීම පිණිස භාවිත කරන හුණු විශේෂය.
රටා එළලුම
නා. රෙදි ආදියෙහි වූ සිදුරු හෝ ඉරුණු තැන් රටාවන් ඇති වන සේ මැසීම.
රටා පැදුර
(කථා.) නා. සැරසිලි මෝස්තර යෙදූ පැදුර.
රටාව
1. නා. ආකෘතිය ; සැරසිලි මෝස්තරය ; ආදර්ශ හැඩය.
2. කිසියම් ක්‍රියාවලියක ආකාරය.
රටේ මහත්මයා
නා. මහනුවර රාජ්‍ය සමයේ දී රට නමින් හැඳින්වූ ප්‍රදේශයක් භාර නිලධාරියා ; දිස්ත්‍රික්කයක් හෝ කෝරළයක් හෝ පත්තුවක් හෝ භාර මුලාදෑනියා ; රටේ රාළ.
රඩු
1. නා.ප්‍ර. දිරාගිය කොළ ආදී දෙය ; රොඩු.
2. බොල් ; දහයියා.
3. ධූවිලි.
4. සිදුර ; රන්ධුය.
5. වැරැද්ද ; දෝෂය.
රණ
1. නා.ප්‍ර. යුද්ධය ; සංග්‍රාමය; සටන.
2. යුද බම , සංග්රාම භූමිය.
3. රාග, දෝෂ, මෝහ යන සිත කිලිටි කරන පාප ධර්ම.
4. මහත් නාදය ; හඬ ; ශබ්දය.
5. භාගය ; අර්ධය.
6. උපකරණය.
7. ගමන.
8. ගිනිගාන දණ්ඩ.
9. රත්රන්.
1. වි. යුද්ධය පිළිබඳ.
2. රළු ; කර්කශ.
රණ ගී
1. නා.ප්‍ර. යුද්ධයේ දී ගයන ගීතිකාව ; යුද ගීතය.
2. අශ්වයන්ගේ කටකලියාවට බඳින ලද පටිය.
රණ දෙරණ
නා. යුද්ධ බිම ; රණමඬල ; සංග්රාම භූමිය.
රණ ප්රතාපය
නා. සංග්‍රාමයේ දී සතුරන් මැඩලීමේ බලය ; යුද තෙද.
රණ බීජ
නා.ප්‍ර. බීජ වර්ගයක් ; රණවරා ඇට.