සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1314

රජහස

1. නා. රන් පැහැ තුඩු ද පාද ද ඇති සුදු හංසයා ; රාජ හංසයා.
2. උතුම් රාජයා ; ශ්‍රේෂ්ඨ රාජයා.

රජ්කොල්

1. නා.ප්‍ර. රජගෙදර.
2. රජය.

රජ්ජනය

නා. (සිත අරමුණක) ඇලී සිටීම.

රජ්ජු

1. නා.ප්‍ර. රැහැණ ; මන්ද ; යොත.
2. පේශි අග්‍රය ; සිලින්ඩරාකාර අයුරින් වෙළුකැවී ඇති මාංශමය තන්තුව.
3. වාස්තු විද්‍යාවේ දැක්වෙන ගෘහ ලක්ෂණ ප්‍රභේදයක්.
4. පුරුෂලිංගේන්ද්‍රියට සම්බන්ධ අවයවයක්.

රජ්ජු කුණ්ඩල

නා.ප්‍ර. වළලු ගැසූ රෑණ ; යොත් වළල්ල.

රජ්ජු කේන්ද්‍රය

(පාරිභා.) නා. පෘෂ්ඨ රජ්ජු කොපුවෙන් ප්‍රධාන වශයෙන් සෑදී ඇති කශේරුකා කේන්ද්‍රය.

රජ්ජුගාහක

නා.ප්‍ර. ඉඩම් මනින්නා ; මිනින්දෝරුවා.

රජ්ජුමණ්ඩලය

නා. පාපිස්නාව.

රජ්ජුයෝගය

නා. (ජ්‍යෝති.) ජන්ම කේන්ද්‍රයේ පිහිටන යෝගයක්.

රජ්ජුරූප

නා.ප්‍ර. ස්නායු විශේෂයක්.

රජෝ

1. නා.ප්‍ර. රජස් ; ධූලි.
2. සිත කිළිටි කරන කෙලෙස්.
3. රජස්ගුණය.

රජෝ රාශිය

නා. දූලිකන්ද ; රජරැස.

රජෝපථය

නා. දූවිලි සහිත මාර්ගය.

රජෝබීජය

නා. ස්ත්‍රී බීජය ; ආර්තවාණුව ; ඩිම්බය.

රජෝරේණුව

නා. දුහුවිලි අණුව ; රජෝ මාත්‍රය.

රජෝහරණ

වි. ධූලි ඉවත් කරන ; කුණු බැහැර කරන.
1. නා.ප්‍ර. රජ ; නිරිඳු.
2. ධූලි ; කුණු.

රඤ්ජන

1. වි. ඇලුම් කරවන ; පිනවන.
2. සායම් පොවන ; වර්ණවත් කරන.
1. නා.ප්‍ර. ඇලුම් කරවීම ; පිණවීම.
2. ඇලීම ; ආසක්තය.
3. රාගය ඇතිකිරිම.
4. වර්ණවත් කිරීම; සායම් පෙවීම.
5. වර්ණය ; සායම.
6. ශෝභාවත්වීම.
7. බැබළීම.
8. නැවතීම.

රඤ්ජනපදාර්ථය

නා. ගස් වැල් කොළවල ඇති හරිත වර්ණ පදාර්ථය ; හරිතප්‍රද ; ක්ලෝරපිල්.

රඤ්ජිත

1. වි. සායම් පෙවූ ; වර්ණවත් කළ.
2. සැරසුණු ; බැබලුණු.
3. යුක්තවූ ; රැඳුණු.
4. ගෑවුණු ; ආලේපිත.
5. රාගය ඇතිකළ.

රට

1. වි. එක් දේශයකට අයත් වූ ; රටට සම්බන්ධ ; ස්වදේශීය.
2. වෙනත් දේශයකට අයත් වූ ; පිටරටකට සම්බන්ධ ; විදේශීය.
1. නා.ප්‍ර. දේශය ; රාජ්‍යය ; විජිතය
2. කිසියම් ජනවර්ගයකට හෝ ජාතියකට වාසභූමි වන ප්‍රදේශය.
3. කිසිවකු උපන්නා වූ හෝ පදිංචි ව සිටින්නා වූ පෙදෙස ; ස්වදේශය ; ජන්ම භූමිය.
4. තම දේශයට පිටතින් පිහිටි දේශය ; පිටරට.

රට අඟුරු

නා.ප්‍ර. ශාක ද්‍රව්‍ය පාෂාණිභූත වීමෙන් සෑදුණ කළුපැහැති දැඩි දහනශීලි ද්‍රව්‍යය ; ගල් අඟුරු.

රට කාසි

(කථා.) නා.ප්‍ර. විදේශවල නිත්‍යනුකූලව ව්‍යවහාර වන මුදල් ඒකක ; රට සල්ලි.

රට කෝරළය

නා. රටේ මහතකුට හෝ මුදලිවරයකුට හෝ අයත් කොට්ඨාසය.

රටතොට

1. නා.ප්‍ර. රට අභ්‍යන්තරය හා මුහුදුබඩ ; ගොඩබිම සහ මුහුදු තෙර.
2. මුහුදු සීමාකොට ඇති මුළුමහත් දේශය.
3. ගොඩ ඉඩම් සහ මඩ ඉඩම්.