සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1318
රත්නාකාරය
1. නා. රුවනාර ; මැණික්පතල ; මැණික් උපදින තැන.
2. සාගරය ; මුහුද.
රත්නාලඞ්කාරය
නා. රත්නයෙන් කළ සැරසිල්ල ; මැණික් යොදා කල ආභරණය.
රත්නාස්තරණ
[රත්න + ආස්තරණ]
නා.ප්‍ර. (ඇතුන්ගේ පිට මත දැමීම සඳහා) මැණික්වලින් වැඩ දමා තැනූ ඇතිරිලි විශේෂයක්.
රත්නිය
1. නා.ප්‍ර. වැළමිටේ සිට මිට මෙල වූ තැනට දුර ; මිටි රියන.
2. මිට ; මුෂ්ටිය.
3. (පාරිභා.) පෘෂ්ඨවංශීන්ගේ වැළමිටේ සිට මැණික් කටුව දක්වා වන දිග සිහින් ඇටය ; අන්වරාස්ථිය ; අන්වරය.
රත්නෝත්සේධ
[රත්න + උත්සේධ]
වි. රියන් ගණනක් උසින් යුතු.
රත්පලස
නා. රතු පැහැති ඇතිරිල්ල.
රත්පවුල්
නා.ප්‍ර. රතුපාට පාංශුකූල චීවරය.
රත්පාවා
1. නා. (ලේ බොන්නා යනු වාච්‍යාර්ථයි) පූඩාවා ; කූඩැල්ලා.
2. රකුසා ; රාක්ෂ්‍යයා.
රත්පුරුමුව
නා.ප්‍ර. රාජ මෙහෙසිය.
රත්මහැර
නා.ප්‍ර. රත්මාසර බ.
රත්මාසර
නා.ප්‍ර. මහනුවර රාජ්‍ය සමයේ දී රජුහට අයත් වගා නොකළ ඉඩම් ; හේන් ලෙස වගා කළ ඉඩම් ; රත්මහැර.
රත්මිණි
නා.ප්‍ර. රතු පැහැති මැණික ; පද්මරාග මාණික්‍යය ; පියුම්රාමිණි.
රත්රන්
නා.ප්‍ර. ස්වර්ණ ; කසුන් ; කනක ; රන්.
රත්සර
නා.ප්‍ර. රත් නෙළුම් ; රක්ත පද්ම.
රති ඉන්දු
නා.ප්‍ර. රාගයට අධිපති වූ අනංගයා.
රති ක්‍රීඩාව
නා. රතිකෙළිය ; සංවාසය.
රති රෝග
නා.ප්‍ර. කාමරෝග ; උපදංශ වැනි රෝග.
රතිකර
1. වි. රාගය ඇති කරන ; කාමාශාව උපදවන.
2. ප්රීතිජනක.
රතිජනක
වි. ඇල්ම ඇති කරන ; කාමය දනවන.
රතිපිය
නා.ප්‍ර. අනංගයා ; රතීන්ද්රයා ; රතිප්රියයා.
රතිය
1. නා. කාම වස්තුන් කෙරෙහි ඇතිවන ආශාව ; ඇල්ම ; රාගය.
2. සතුට ප්‍රීතිය.
3. කාමසේවනය ; මෙවුන්දම.
4. රාත්‍රිය ; රැය.
5. බර කිරීමේ ඒකකයක් ; කලඳකින් තිස් දෙකෙන් පංගුව.
රතියාව
(කථා.) නා. සැන්දෑ වෙලාවෙහි බටහිර දිග අහසේ දිස්වෙන රතුපැහැය.
රතී
1. නා.ප්‍ර. අනංගයාගේ බිරිඳ ලෙස සැලකෙන රති නම් දෙවඟන.
2. මාරයාගේ දූවරු තිදෙනාගෙන් එක් අයකුගේ නාමය.
රතු
වි. රතුපාටින් යුත් ; රක්තවර්ණයෙන් යුතු.
නා.ප්‍ර. රතුපාට ; රත්පැහැය.