සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1319

රතු පස්

(පාරිභා.) නා.ප්‍ර. හුණුගල් දිරායාමෙන් සෑදුණු රත් පැහැති පස් ; ටෙරා රෝස පස්.

රතු රුධිරාණුව

(පාරිභා.) නා. රුධිරයෙහි තිබෙන රතු පැහැති සෛලය හිමොග්ලොබින්.

රතු ලකුණ

නා. අන්තරාදායක සලකුණ ; අනතුරක් ඇතිවීමේ පෙර නිමිත්ත.

රතු ලෝම්පස්

නා.ප්‍ර. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පැතිරී ඇති පස් වර්ගයක් ; රතු පැහැති වැලි මැට්ට.

රතු වර්ණකය

නා. රුධිරයට රතු පැහැය ගෙන දෙන හිමොග්ලොබින් වර්ණකය.

රතු වැස්ස

නා. කාන්තාරවල රතුපාට දූවිල්ලෙන් පාට ගැන්වුණු වර්ෂාව.

රතු සිංදුර

නා.ප්‍ර. රත් පැහැති මර්කරි (රසදිය) සල්fපයිඩය ; හිංගුල.

රතු හිරියල්

නා.ප්‍ර. රතුපාට උපධාතු විශේෂයක් ; රත් පැහැති මනෝසීල ; රත් හිඟුල්.

රතු හෙමටයිට්

නා.ප්‍ර. යපස් වර්ගයක්.

රතුකැට

නා.ප්‍ර. අගනා මැණික් වර්ගයක් වූ පද්මරාග ; කුරුවින්ද පාෂාණය.

රතුකුරුස

නා.ප්‍ර. රතුපැහැ කුරුසයක් සංකේත ලකුණ කොට ගත් ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයක නාමය.

රතුපුල

[රත් + උපුල]
නා. රත් මහනෙල් හෙවත් මානිල් මල ; පස් පියුම්වලින් එකකි.

රතුමැටි

1. නා.ප්‍ර. රත් පැහැති මැටි විශේෂය.
2. සාගර පතුලෙ බඹ 2,000කට වැඩි ගැඹුරෙහි ඇති ආගාධ කොටසේ තිබෙන මැටි විශේෂයක්.

රථ

1. නා.ප්‍ර. ගමන් කිරීම සඳහා යොදා ගන්නා වාහනය ; රිය.
2. සිව්රඟ සෙනඟින් එක් අංගයක් ; රිය සේනාව.
3. මුතු වෙසෙසක්.

රථ අක්ෂය

නා. රියෙහි අලවංගුව.

රථ අකුර

නා. රථයක උපාංගයක්; රථයක රෝද සවිකොට ඇති අලවංගුව.

රථ උත්තම

නා.ප්‍ර. රථයෙහි සිට යුද්ධ කරන්නන් අතුරින් උත්තමයා ; රජ.

රථ කුර්බරය

නා. ඒරිය කඳ.

රථ ගර්භකය

නා. රථ දෝලාව.

රථ චක්‍රය

නා. රථ රෝදය ; රියසක.

රථ නැබ

නා.ප්‍ර. රථ චක්‍රයේ මධ්‍යය ; රෝදයේ නාභිය ; බොස්ගෙඩිය.

රථ නේමිය

නා. රථ රෝදයේ වටය ; රෝදයේ පට්ටම.

රථඉස

නා. ගොනුන් බඳින රියෙක වියගහ ; රථ ශීර්ෂය ; රථ ඊෂාව.

රථකාර

වි. සම්කරු කුලයට අයත් ; සමින් කර්මාන්ත කරන අයට සම්බන්ධ.
1. නා.ප්‍ර. සමින් කර්මාන්ත කරන්නා ; චර්මාකාර කුලයේ ඇත්තා ; සම්කරුවා.
3. හිමාලය ප්‍රදේශයෙහි වූ මහා විල් හතෙන් එකක්.