ලජ්ජාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිත තුළ පහළ වන විළි බිය සහිත හැඟීම ; වැරදි දෙයක් කිරීම පහත් යැයි සිත තුළ පහළ වන හැඟීම.
2. සමාජය විසින් අසභ්ය ලෙස පිළිගන්නා යමක් ප්රසිද්ධියේ කිරීමට සිත තුළ ඇති වන බිය සැක මුසු ස්වභාවය ; ආචාර විරෝධි ක්රියා සඳහා ඇතිවන පිළිකුල් සහගත හැඟීම.
3. අපහාස, අවමාන, ආදිය ලැබීමෙන් සිතෙහි ඇතිවන ගිලන්බව ; සිතට එකඟ වන යමක් සිදු නොවීම ; තත්ත්වයට අඩු පැවැත්මක යෙදීම ; අදහසක් ඉටු නොවීම ආදියෙහි දී ඇතිවන චිත්ත ස්වභාවය ; මදිකම.
4. යම්කිසි අවස්ථාවකට ඉදිරිපත්වීමේදී හිතේ ඇතිවන චකිත ස්වභාවය ; කුලෑටිකම ; සබකෝලය.
5. මුළාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. bashfulness
2. a. calm
3. n. humiliation
4. n. shame