ලිංගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලකුණ ; ලාඤ්ජනය.
2. ශරීරයෙහි පිහිටි දිග කළු උස ආදි ශාරීරික ලක්ෂණ සටහන ; ආකාරය.
3. වේශය ; ස්වරූපය ; ස්වභාවය.
4. ස්ත්රී භාවය හා පුරුෂ භාවය.
5. (ව්යාක.) නාමපදයක් සිද්ධවීමට මුල්වන ශබ්ද ප්රකෘතියේ ලිංග භේදය.
6. පිරිමි ලිඟුව ; පුරුෂ නිමිත්ත.
7. ශිව දෙවියන් මූර්තිමත් කරන ලිංග සංකේතය ; ශිව ලිංගය.