වචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මිනිසාගේ මුඛ කුහරයේ පිහිටි අවයව යම් ආකාරයෙන් හැසිරවීම තුළින් පිටකරන අර්ථවත් ශබ්ද උච්චාරණ ඒකකය ; උච්චාරණය කරනු ලබන පදය.
2. ප්‍රකාශය ; කියමන ; තෙපල.
3. නියමය ; අවවාදය ; උපදේශය.
4. (ව්‍යාක.) සංඛ්‍යා භේදයෙන් දෙවැදෑරුම්ව බෙදී යන පදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. expression
2. n. language
3. n. term
4. n. vocable
5. n. word