සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1433
වචන භේදය
නා. (ව්යාක.) ඒක වචන සහ බහු වචන පද අතර වෙනස ; සංඛ්යා භේදය.
වචනචාතූර්යය
නා. කථා කිරීමෙහි දක්ෂබව ; වචනයේ චතුරබව.
වචනත්රය
නා. බුද්ධ වචනය බෙදා ඇති සූත්ර, විනය, අභිධර්ම යන තුන්පිටකය.
වචනය
1. නා. මිනිසාගේ මුඛ කුහරයේ පිහිටි අවයව යම් ආකාරයෙන් හැසිරවීම තුළින් පිටකරන අර්ථවත් ශබ්ද උච්චාරණ ඒකකය ; උච්චාරණය කරනු ලබන පදය.
2. ප්රකාශය ; කියමන ; තෙපල.
3. නියමය ; අවවාදය ; උපදේශය.
4. (ව්යාක.) සංඛ්යා භේදයෙන් දෙවැදෑරුම්ව බෙදී යන පදය.
වචනාර්ථය
නා. වචනයෙහි නොහොත් වචනවල අර්ථය ; හුදෙක් වචනවලින් ප්රකාශ වන අදහස ; වාච්යාර්ථය.
වචස
නා. වචනය ; වදන ; කියමන.
වචසාංපති
නා.ප්ර. ගුරු ග්රහයා ; බ්රහස්පති.
වච්ච
1. නා.ප්ර. මල ; අශූචි.
2. විලුඹට බරදී අඹ ඇට ගැහීමාදී ක්රීඩාවක් කරන විට ක්රීඩකයා සිටින ස්ථානය හඳුන්වන නාමය.
වච්චකුටිය
නා. වැසිකිළිය.
වච්ඡ
නා.ප්ර. වස්සා ; වසු පැටියා.
වච්ඡශාලාව
නා. වහු පැටියන් බඳින මඩුව ; වහුගාල.
වචීකර්ම
නා.ප්ර. වචනයෙන් කරනු ලබන ක්රියා ; වචනයෙන් කෙරෙන කුශලාකුශල කර්ම.
වචීකසාව
නා.ප්ර. වචනයෙන් සිදුවන අකුසල් ; වාක් දුශ්චරිත.
වචීදණ්ඩ
නා.ප්ර. වචනයෙන් කරන දඩුවම ; පරුෂ වචනය.
වචීවන්දනාව
නා. වචනයෙන් පමණක් කරන වැඳීම ; වාග්ද්වාරයෙන් වන්දනා කිරිම.
වචීසංඛාර
නා.ප්ර. වචනයෙන් සිදු කරන කුසල් හා අකුසල්.
වජය
1. නා. ගාල ; සතුන් කොටු කර තබන තැන.
2. වදය ; මීවදය.
වජ්ර
1. නා.ප්ර. හෙණ පහර ; අසනිය.
2. ශක්රයාගේ ආයුධය.
3. රත්න විශේෂයක් වූ දියමන්ති.
4. අටපට්ටම් හැඩය ඇති කුළුන ; අටැස්ටැඹ.
වජ්ර කීලය
නා. හෙණ පහර ; අසනිය.
වජ්ර පඤ්ජරය
නා. වීදුරුයෙන් කළ කූඩුව ; දියමන්තියෙන් සාදන ලද මැදිරිය.
වජ්ර බුද්ධිය
නා. වජ්රඥානය ; තීක්ෂණ ප්රඥාව.
වජ්රකාය
නා.ප්ර. නොබිඳිය හැකි වජ්රයක් වන් ශරීරය ; බුදු රජුන්ගේ ශරීරය.
වජ්රකෝව
නා.ප්ර. ඖෂධ භස්ම කිරීමට ගන්නා කෝව.
වජ්රඥානය
නා. තීක්ෂණ ඥානය ; තියුණු, සියුම්, විනිවිද යන නුවණ.