සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1434
වජ්රපාණි
1. නා.ප්ර. ශක්ර දෙවියා.
2. මහායාන බෝධිසත්වයකුගේ නාමය.
වජ්රපාතය
නා. හෙණ ගැහීම ; අසනිපාතය.
වජ්රාසනය
නා. පරාජය කළ නොහැකි ආසනය ; නොසිඳිය හැකි අධිෂ්ඨානයෙන් යුක්තව සිදුහත් තවුසාණන් හිඳගත් ආසනය ; විදුරසුන.
වජාරනවා
1. ක්රි. වදාරනවා ; දේශනා කරනවා.
2. අණ කරනවා.
වජිර
1. නා.ප්ර. දියමන්ති ; අගයෙන් උසස්ම මැණික් වර්ගය.
2. ශක්රයාගේ ආයුධය ; වජ්රායුධය.
වඤචක ධර්මය
නා. යහපත් සිතුවිල්ලක වෙසින් සිතෙහි හටගන්නා අයහපත් හෙවත් අකුසල් සිතුවිල්ල ; වංචක චෛතසිකය.
වඤ්චක
වි. කපටි ; ප්රයෝගකාරී; කූට.
වඤ්චනය
1. නා. රැවටීම ; වංචාව ; කපටිකම ; ප්රයෝගය.
2. පයින් ගමන් කිරීම ; ඇවිදීම.
වඤ්චා ප්රවෘත්ති
නා.ප්ර. කපටි පැවැත්ම.
වඤ්චාව
නා. රැවටීම ; මුළා කිරිම ; ප්රයෝගය.
වට
වි. රවුම් ; වටකුරු.
1. නා.ප්ර. රවුම ; කවය ; වෘත්තය ; චක්රය ; පරිමණ්ඩලය.
2. සංසාරය.
3. වට ප්රමාණය.
4. පන්දුව ; බෝලය ; ගුළිය.
5. හාත්පස.
6. නුග ගස.
7. වාරය ; වර ; විට.
8. වේතනය ; වැටුප.
9. මුදලට භාණ්ඩ විකිණීම.
10. කාලය.
11. ඉඩකඩ ; අවසරය.
12. පස ඇටය ; දාදු කැටය.
13. කබ.
14. වැටිය ; පහන් ආදී වැට.
15. වැට ඉණි සිටුවා සාදන වැට.
වට අඩි සට්ටම
(පාරිභා.) නා. පත්ල කවාකාර ඝන තහඩුව.
වට අත්ත
නා. වටාපත ; පවන්පත ; විජිනිපත.
වට අඳනාව
නා. යට ඇඳුම ; සාය.
වට ඇස්
නා.ප්ර. මීයා.
වට ඔළුව
(කථා.) නා. කුඹුරේ එක් තැනක රැස් කළ ගොඩ ; ගොයම් කොළය.
වට ගසනවා
ක්රි. වටේට සිටින්ට සලසනවා ; කොටු කරනවා ; රවුම් කරනවා.
වට පහුරු
නා.ප්ර. වටේට කළ ප්රාකාරය ; හාත්පස පවුර.
වට පාහපුගෙය
(කථා.) නා. මැද මිදුලක් ඇති වන සේ සියලු පාර්ශ්වවලින් ආවරණය කරන ලද ගෙය.
වට පැල
නා. තනි මුදුනක් ඇති ගෙය ; කූටාගාරය.
වට පිහිය
නා. අග කෙළවර වට වූ කවාකාර පිහිය.
වට පිළ
(කථා.) නා. 1. ගෙයක් වටේ ඇති ස්තෝප්පුව.
2. බිත්ති සවිමත් කිරීම සඳහා වටේට තනන බැම්ම ; කයියෝරුව.
වට පුල්ලෝරම
නා. වඩු වැඩවල දී භාවිත වන දැති පීර ; රාස්පුව.
වට පුවරුව
නා. එකට එකතු කළ දර ගොඩ ; දර මිටිය.