වට

vaṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රවුම් ; වටකුරු.
1. නා.ප්‍ර. රවුම ; කවය ; වෘත්තය ; චක්‍රය ; පරිමණ්ඩලය.
2. සංසාරය.
3. වට ප්‍රමාණය.
4. පන්දුව ; බෝලය ; ගුළිය.
5. හාත්පස.
6. නුග ගස.
7. වාරය ; වර ; විට.
8. වේතනය ; වැටුප.
9. මුදලට භාණ්ඩ විකිණීම.
10. කාලය.
11. ඉඩකඩ ; අවසරය.
12. පස ඇටය ; දාදු කැටය.
13. කබ.
14. වැටිය ; පහන් ආදී වැට.
15. වැට ඉණි සිටුවා සාදන වැට.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නුග ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. වෙඨනෙ, වෙළීමෙහි, වටති, වෙළයි.
√ භු. භාජෙ, බෙදීමෙහි, වටති, බෙදයි.
පු. නුග රුක.
√ චු. භාජෙ, බෙදීමෙහි, වටෙති, වටයති, බෙදයි.
√ චු. ගන්ථනෙ, ග්‍රන්ථනයෙහි, ගන්ථෙති, ගන්ථයති, ගොතයි.
√ භු. පරිභවෙ, පරිභවයෙහි, වටති, පරිභව කරයි. (පි. 456)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. circle
2. adj. circular
3. a. fallen
4. a. global
5. a. round

Digital Pāḷi Dictionary