සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 780

වජ්ජා වජ්ජ

න. (වජ්ජ+අවජ්ජ) කුදු මහත් වරද, ලොකු කුඩා දෝෂ. (පි. 455)

වජ්ජි

පු. එනම් රට, වැදෑ රට. (පි. 455)

වජ්ජිත

ති. දුරු කළ, පහරණ ලද, බැහැර කළ. (පි. 455)

වජ්ඣ

ති. වරද, හිස කැපීමට සුදුසු වරද ඇත්තා. (පි. 455)

වජ්ඣ ඝාතක

පු. හිස ගසා දමා නැසීමට සුදුසු වරද ඇත්තා. (පි. 455)

වජිර

න. දියමන්තිය, මැණික් විදිනා කටුව, වජ්‍රායුධය. (පි. 455)

වජිර දුම

පු. සීනුක් ගස. (පි. 455)

වජිර විමුක්ති

ඉ. බුදුරජ. (පි. 455)

වජිරපාණි

පු. වජ්‍රායුධයක් අතේ ඇත්තා, ශක්‍ර‍යා. (පි. 455)

වජිරමෙත්තාබල

පු. වජ්‍රෑපම මෛත්‍රී ඇත්තා, බුදුරජ. (පි. 455)

වජිරායුධ

පු. වජිරපාණියා, ශක්‍ර‍යා. (පි. 455)

වජිරූපම

පු. විදුරට සමාන, දියමන්තියක් වැනි. (පි. 455)

වඤ්ච

√ චු. වඤ්චනෙ, රැවටිල්ලෙහි, වඤ්චෙති, වඤ්චයති, රවටයි, වඤ්චා කරයි. (පි. 455)

වඤ්චක

පු. වඤ්චාකාරයා, හිවලා, නරියා. (පි. 455)

වඤ්චති

ක්‍රි. (√ චු. වඤ්ච, වඤ්චනෙ, වංචා කිරීමෙහි +ති) වඤ්චා කරයි, රවටයි. (පි. 455)

වඤ්චන

න. වඤ්චාව, රැවටිල්ල. (පි. 455)

වඤ්චනික

පු. වඤ්චා කටයුතු, රැවටිය යුතු. (පි. 455)

වඤ්චනීය

ති. වඤ්චනික, රැවටිය යුතු. (පි. 455)

වඤ්චිත

ති. වඤ්චා කළ, රවටන ලද. (පි. 455)

වඤ්චු

√ භු. ගමනෙ, යාමෙහි, වඤ්චති, යෙයි. (පි. 455)

වඤ්ජ්ඣ

ති. වඳ, පල රහිත, පල හට නොගන්නා වෘක්ෂය. (පි. 455)

වඤ්ජ්ඣා

ඉ. වඳී, වඳ ස්ත්‍රිය. (පි. 455)

වඤ්ජුල

පු. හෝපලු ගස, හොමු වඟු (පි. 455)

වට

√ භු. වෙඨනෙ, වෙළීමෙහි, වටති, වෙළයි.
√ භු. භාජෙ, බෙදීමෙහි, වටති, බෙදයි.
පු. නුග රුක.
√ චු. භාජෙ, බෙදීමෙහි, වටෙති, වටයති, බෙදයි.
√ චු. ගන්ථනෙ, ග්‍රන්ථනයෙහි, ගන්ථෙති, ගන්ථයති, ගොතයි.
√ භු. පරිභවෙ, පරිභවයෙහි, වටති, පරිභව කරයි. (පි. 456)