සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 781

වටංසක

න. හිස පළඳින මල්දම, මුදුන් මල්කඩ, අවතංසකය. (පි. 456)

වටක

න. කර්‍ණාභරණයක්, වටංසකය, වටවූ දෙය. (පි. 456)

වටච්ඡාය

ඉ. නුගරුක් සෙවන, මුදුන් මල්කඩ. (පි. 456)

වට්ට

ති. වැටුප්, ත්‍රෛභූමක සංසාර ප්‍ර‍වෘත්තිය, කම්වට කෙලෙස්වට විවට යන තුණ, වටකුරු දෙය. (පි. 455)

වට්ට කථා

ඉ. සංසාර වෘතය පිළිබඳ කථා. (පි. 455)

වට්ට දුක්ඛ

ති. වෘත්ත දුඃඛය, සංසාර දුඃඛය. (පි. 455)

වට්ට පටිඝාත

ති. වෘත්තය නැසීම. (පි. 455)

වට්ට විවට්ට

න. වට විවට, ත්‍රෛභූමක සංසාර ප්‍ර‍වෘත්තිය හා නිර්‍වාණය. (පි. 455)

වට්ටක

පු. වටු පක්ෂියා, තිත්තරයා, තිත් වටුවා. (පි. 455)

වට්ටති

ක්‍රි. (√ භු. වට්ට, ආවත්තනෙ, වැටීමෙහි +ති) වටී, සුදුසුයි, සෑහෙයි. (පි. 455)

වට්ටන

න. වර්‍තන, පෙරළීම, පරිවර්‍තණය, කරකැවීම. (පි. 455)

වට්ටනාවලි

ඉ. නවගුණවැල, ශුද්‍රාෂ්ටක වැල. (පි. 455)

වට්ටනී

ඉ. මුද්ද, රවුම, බෝලය. (පි. 455)

වට්ටභය

න. වෘත්ත භය, සසර බිය. (පි. 455)

වට්ටානුගත

ති. වෘත්තය අනුව එන ලද, සසර අනුව එන ලද. (පි. 455)

වට්ටි

ඉ. වැටිය, පහන් තිරය, පත්තවට්ටි, පාත්‍රයෙහි මුව විට, චක්කවට්ටි, චක්කවත්ති ප්‍ර‍වෘත්තිය. (පි. 456)

වට්ටිකා

ඉ. වෘත්තිකා, වැටිය. (පි. 456)

වට්ටුල

ති. වට දෙය. (පි. 456)

වට්ටූපච්ඡෙද

පු. සංසාර වෘත්තය සිඳීම. (පි. 456)

වට්ඨ

ති. වර්‍ෂා කළ, වසින ලද. (පි. 456)

වටාකාරී

ඉ. නැව් අවයවයක්. (පි. 456)

වටුම

න. මාර්‍ගය, කුශලාකුශල කර්‍ම, වෘත්තය, වට දෙය. (පි. 456)

වඨ

√ භු. ථූලෙ, ස්ථූල බැව්හි, වඨති, ස්ථූල වෙයි, වඨරො.
√ භු. සහචාරෙ, සමග හැසිරීමෙහි, වණ්ඨති, එක්ව හැසිරෙයි. (පි. 456)

වඨර

ති. සම්පූර්‍ණණ දෙය, පිරිපුන් දෙය. (පි. 456)