සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1435
වට යත්ත
(පාරිභා.) නා. වෘත්තාකාර යතු කැටය.
වට යතුතලය
(පාරිභා.) නා. වටකුරු ආකාරයට යතු ගෑම සඳහා භාවිත යතුතලය.
වට යන්ත්රය
(පාරිභා.) නා. රෙදි වියන යන්ත්රයේ පිටස්තර කවාකාර වළල්ල.
වට රවුම
1. නා. විශේෂයෙන් නගරවල මාර්ග කීපයක් හමුවන තැන සාදා ඇති රවුම.
2. යමක රවුම ; පරිධිය.
වට වලි
(පාරිභා.) නා.ප්ර. සුළං හෝ දියර එක් දෙසකට ස්රාවණය කළ හැකි ඉතා කුඩා ප්රමාණයේ වටකුරු නළය.
වට වාටි මූට්ටුව
(පාරිභා.) නා. කවාකාර ලෝහ නළ දෙකක දෙකෙළවර එකිනෙකට සම්බන්ධ කිරීම.
වට වානේ
(පාරිභා.) නා. කවාකාර ආයුධය ; වටකුරු පීර.
වට වෙට්ටම්
නා.ප්ර. වහල අග වටා සවි කරන ලද කැටයම් සහිත පුවරුව ; වඩිම්බුව.
වටංසක
නා.ප්ර. මුදුන් මල්කඩ ; ඔටුන්න ; අවතංසකය.
වටඔළු සට්ටම
(පාරිභා.) නා. යකඩ තැළීම සඳහා පොළොවට සවි කරන ලද ගෝලාකාර හිසකින් යුත් කිණිහිරක් බඳු උපකරණය.
වටකටුව
නා. ලෝහ ගෝලාකාර කරගැනීම හා රවුම් හැඩයට දිග් ගසා ගැනීමට භාවිත කරන අච්චුව.
වටකථා
නා.ප්ර. කිය යුත්ත ඉඳුරා නො කියා ඇඟෙන සේ කියන කතාව ; වහෙන් ඔරෝ කථාව.
වටකඳ
නා. රෙදි විවීමේ දී නූල් හැදය එතීමට භාවිත කරන රවුම් පොල්ල ; නූල් බෙරයෙන් මාරු කර ඔතන රවුම් හැඩය ඇති දණ්ඩ ; බෝන්ලීය.
වටකය
1. නා. ගෝලාකාර ලෙස සාදන ලද පිඬුව ; ගුළිය ; බෝලය.
2. බර එකහමාරක ප්රමාණය.
වටකුරු
වි. රවුම් හැඩය ඇති ; ගෝලාකාර වූ.
වටගෙය
නා. ස්තූප ආදියෙහි ආරක්ෂාවට එය වටා සාදනු ලබන මණ්ඩලාකාර ගෘහය.
වටතිරය
නා. අවට ආවරණය කිරීමට වටේට බඳින කඩතුරාව.
වටදාගෙය
නා. දාගැබ ආරක්ෂාවට එය මැදි කොට වටේට තනනු ලබන ගෙය ; චේතියඝරය.
වටදුක
නා. සසර සැරිසරන සත්ත්වයාට විඳීමට සිදු වන දුක ; සසර දුක.
වටනය
නා. වටිනාකම ; අගය ; මිල.
වටනවා
1. ක්රි. අඹරනවා ; කුඩු කරනවා.
2. කරකවනවා.
3. ජීවත් වෙනවා.
4. උපස්ථාන කරනවා.
5. පවසනවා ; වදාරනවා.
වටන්
1. නා.ප්ර. අපවිත්ර දෙය ; මල මූත්ර.
2. උපස්ථාන කිරීම ; පෝෂණය කිරීම.
වටන් දිය
නා.ප්ර. මූත්ර.
වටන්හල්ගෙය
නා. කෑම ගන්නා ස්ථානය ; භෝජන ශාලාව ; දන්හල.