සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1436
වටනා
1. වි. බොහෝ මිල කළ හැකි ; වටිනා ; අගනා.
2. සුදුසු ; ගැළපෙන.
වටනාපස
නා. පැවැත්මට හෝ ජීවනයට ඉවහල් වන ප්‍රත්‍යය ; පැවැත්මට අදාළ දේ.
වටපණුවා
නා. නෙමටෝඩා වංශයට අයත් පණුවෙක් ; ආන්ත්රික පරපෝෂිතයා.
වටපත්
නා.ප්‍ර. තල්පතකින් වියූ පැදුරු ; වටපත් පැදුරු ; තට්ටිකා.
වටපාදප
නා.ප්‍ර. නුගගස.
වටපිටාව
නා. අවට ; අවට පරිසරය.
වටපිඬු පාෂාණ
නා.ප්‍ර. (භූගෝ.) වෙනත් පාෂාණයක කැටවලින් සැදී එකට සම්බන්ධ වීමෙන් ඝන වූ බොරළු වැනි පාෂාණ.
වටමළුව
1. නා. වෙහෙර, බෝධිය ආදිය වටා ඇති මළුව.
2. ශාලාවක වටකොට පනවන ලද මණ්ඩපය.
3. ගොයම් කොළය ; ගොයම් ගොඩ.
වටමාලය
නා. ආලින්දයේ දෙපස බිත්ති යොදා කරන ලද වහලය සහිත කොටස.
වටමේස සාකච්ඡාව
නා. නියෝජිතයන් සියලුදෙනාම සමාන තත්ත්වයේ සිට කරනු ලබන සාකච්ඡාව.
වටය
1. නා. යමක වට ප්‍රමාණය ; පරිධිය.
2.තල් පොල් ආදි ගස්වල උඩ කොටස ; කරටිය.
3. රවුම ; ගැට්ට.
4. වාරය ; අවස්ථාව.
5. රංචුව ; සමූහය.
වටර
නා.ප්‍ර. නිමේෂය ; මොහොත.
වටරක්
නා.ප්‍ර. මැද මිදුලක් ඇති වන සේ සාදන ලද ගෙය ; සිවුසල් ගෙය.
වටවටා
නි. නැවත නැවත ; යළි යළිත්.
වටවප්රිකාව
(පාරිභා.) නා. සමේ හෝ වෙන ඉන්ද්‍රියක මතුපිට හටගන්නා ගෝලාකාර ඝන ඉදිමුම ; ගැටය හෝ බිබිල.
වටවප්රිතය
(පාරිභා.) නා. ඇට කටුවක මතුපිට ඇති වන කුඩා ගැටය ; බිබිල හෝ ඉදිමුම.
වටව්ව
නා. දොර පියනක උඩ හා යට සවිකර ඝරණේරුවක් සේ ක්‍රියා කරවිය හැකි දොර කුඩුම්බිය.
වටවිල
නා. පඩික්කම ; කෙළ මලාව.
වටස්
නා.ප්‍ර. කවාකාර සිදුර.
වටහනවා
1. ක්‍රි. අවබෝධ කරවනවා ; වටහා දෙනවා.
2. උපදනවා ; හටගන්නවා.
වටහපත
නා. භික්ෂූන් වහන්සේලා භාවිත කරන වට අතු විශේෂය ; විජිනිපත ; අවාන.
වටහල
නා. වී කොටන ගෙය.
වට්ට
වි. වටකුරු ; වට වූ.
නා.ප්‍ර. සසර ගමන ; සංසාර පැවැත්ම ; භව ගමන.
වට්ටඩියා
(කථා.) නා. 1. ආඩම්බරකාරයා ; පුරාජේරුකාරයා.
2. ක්‍රීඩා පිලක නායකයා.