වදුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගස්වැල් ගාල ; හිරුරැස් නොවැටෙන සෙවණ.
2. වැහි වලාකුළු නිසා වන අඳුර.
3. උඩැක්කියේ එක පැත්තකට දමන සිනිඳු හම.
4. නිදන් වස්තු ආදිය පිළිබඳ විස්තර ඇතුළත් පුස්කොළ පොත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. ගස්වැල්වලින් ගැවසී ගත් ස්ථානය/ වලාකුළු නිසා ඇති වන අඳුර (පා. වද්දලිකා, සං. වාර්දල) 2. නිදන් වස්තු, රහස් බෙහෙත් ආදිය පිළිබඳ විස්තර ඇතුළත් පුස්කොළ පොත
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. brushwood
2. n. bush
3. n. thicket
4. brush-wood