අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 286
වදුල
1. නා. ගස්වැල්වලින් ගැවසී ගත් ස්ථානය/ වලාකුළු නිසා ඇති වන අඳුර (පා. වද්දලිකා, සං. වාර්දල) 2. නිදන් වස්තු, රහස් බෙහෙත් ආදිය පිළිබඳ විස්තර ඇතුළත් පුස්කොළ පොත
වධකයා
නා. රාජ නියේාගයෙන් මරණ දඬුවම් ආදිය ක්‍රියාවට නඟන්නා; අලුගෝසුවා
වධකාගාරය
නා. වධ දෙන හෝ මරණයට පත් කරන ගෙය
වධබන්ධනය
නා. බරපතළ දඬුවම; සිර කිරීම, වධ දීම වැනි වූ දඬුවම (සං. වධබන්ධ)
වධය
නා. බරපතළ දඬුවම; මරණය (පා. සං. වධ)
වධු
නා.ප්‍ර. ස්ත්‍රිය; වැඩිවිය පත් කාන්තාව; අලුත විවාහ වූ කාන්තාව (සං. වධු, වධූ)
වන
1. නා.ප්‍ර. වනාන්තරය; කැලෑව/ ජලය; වතුර (පා. සං. වන) 2. වංගෙඩිය
වනගහනය
නා. ගස්වැල්වලින් පිරුණු කැලය (සං. වනගහන)
වනගහළ
නා. ගස්වැල් ආදියෙන් යුක්ත වූ වනාන්තරය (පා. වනඝට)
වනචර
වි. වනයෙහි හැසිරෙන/ ආචාරධර්ම නොතකන; අශීලාචාර (සං. වනචර)
වනනවා
1. ක්‍රි. වර්ණනා කරනවා (පා. වණ්ණෙති සං. වර්ණයති) 2. සොලවනවා; ලෙළවනවා
වනපොත්
නා.ප්‍ර. සිතෙහි ධාරණය කර ගැනීම
වනපොත් කරනවා
ක්‍රි. කට පාඩම් කරනවා
වනරෝපණය
නා. කැලෑ වැවීම; වනාන්තර වැවීම
වනස්පති
නා.ප්‍ර. නුග ගස (සං. වනස්පති)
වනළැහැබ
නා. වනාන්තර
වන්දනමාන
නා.ප්‍ර. වැඳීම හා ගරු කිරීම
වන්දනීය
වි. වැඳුම් ලැබීමට සුදුසු (සං. වන්දනීය)
වන්දිභට්ටයා
නා. රජුගේ ගුණ ගායනා කරන්නා
වන්ධ්‍ය
වි. ප්‍රජනන ශක්තිය නැති/ විෂබීජ නසන ලද (සං. වන්ධ්‍ය)
වන්ධ්‍යකරණය
නා. ප්‍රජනන ශක්තිය නැති කිරීම/ ජීවානුහරණය
වන්නම
නා. වණ්ණම
වන්නිය
නා. වියළි කැලෑ ප්‍රදේශය
වනාන්තරය
නා. මහා වනය (සං. වනාන්තර)