අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 287
වනිතාව
නා. කාන්තාව (සං. වනිතා)
වනෝද්‍යානය
නා. ගස් වැල්, විල් පොකුණු ආදියෙන් අලංකාර වූ වනය
වඳ
වි. බෝවීමේ හෝ බෝකිරීමේ ශක්තිය නැති/ හිස්; නිරර්ථක (සං. වන්ධ්‍ය)
වපුරනවා
ක්‍රි. පැළ කිරීම සඳහා ධාන්‍ය ඉසිනවා
වපුළ
වි. වපුරනවා යන්නේ අතීත කෘදන්තය
වමනය
නා. ආමාශයේ ඇති නොදිර වූ ආහාර ආදිය මුඛයෙන් පිට කිරීම (පා. සං. වමන)
වමාරනවා
ක්‍රි. කුසට ගිය දෙයක් ආපසු කටට ගන්නවා (පා. සං. වමති)
වයඃ
නා.ප්‍ර. වයස; විය
වයඃකල්යාණය
නා. මහලු වියෙහි සිටියත් තුරුණු වියෙහි සිටියාක් මෙන් පෙනීම (සං. වයඃකල්යාණ)
වයලීනය
නා. සංගීත භාණ්ඩ විශේෂයක් (ඉං. violin)
වයිරම
නා. ඇතැම් ලීවලත් සත්ත්ව ශරීරවලත් අලංකාර රටාවක් ලෙස විහිදෙන රේඛාමය ස්වභාවය (දෙ. வைரம்)
වයිරසය
නා. ඉතා ම කුඩා විෂබීජ විශේෂය (ඉං. virus)
වයිවාරන්න
වි. නොයෙක් ආකාර
වයෝවෘද්ධ
වි. මහලු වියට පත් (සං. වයොවෘද්ධ)
වරඟන
නා. උත්තම කාන්තාව/ වේශ්‍යාව (පා. වරඞ්ගනා සං. වරාඞ්ගනා)
වරණ
1. වි. උතුම්; ශ්‍රේෂ්ඨ නා.ප්‍ර. හස්තියා/ තොල/ පවුර/ ලුණුවරණ ගස (පා. සං. වරණ) 2. නා.ප්‍ර. ආවරණය; ආරක්ෂිත ස්ථානය (සං. ආවරණ)
වරණය
නා. කීපයක් අතුරෙන් එකක් තෝරා ගැනීම/ ඉවත් කිරීම; වැළැක්වීම/ කැමැත්ත (සං. වරණ)
වරණිඳු
නා. ඇත් රාජයා
වරදාන
නා.ප්‍ර. උතුම් දානය/ වරප්‍රසාද ලබාදීම (සං. වරදාන)
වරනවා
ක්‍රි. වර්ජනය කරනවා/ අවසන් කරනවා; නවතිනවා (පා. වාරෙති)
වරනැගිල්ල
නා. පුරුෂ, කාල, විභක්ති ආදිය මත පද පෙළගැස්වීම
වරප්‍රසාදය
නා. විශේෂ අයිතිවාසිකම; වාසිය/ පැහැදීමෙන් ලබා දෙන වස්තුව
වරල
නා. කෙස් වැටිය/ මාලුන්ගේ ශරීර අවයවයක්
වරලත්
වි. රජයෙන් හෝ ව්‍යවස්ථාදායකයෙන් හෝ අවසර පත්‍රයක් ලබා ඇති