අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 288
වරලස
නා. කෙස් කලබ; කේශ කලාපය
වරහන
නා. ලේඛනයේ දී භාවිත කරන සංකේතයක්
වර්ගඵලය
නා. පෘෂ්ඨයක හෝ බිමක හෝ දිග හා පළල වැඩි කිරීමෙන් ලැබෙන ගිණුම් ප්‍රමාණය
වර්ගමූලය
නා. යම් සංඛ්‍යාවක් ලැබීමට වර්ග කරනු ලැබිය යුතු සංඛ්‍යාව; යම් සංඛ්‍යාවක් ලැබීමට දෙවන බලයට නැඟිය යුතු සංඛ්‍යාව
වර්ගාක්ෂර
නා.ප්‍ර. හෝඩියේ ‘ක-ච-ට-ත-ප’ වර්ගවලට අයත් අකුරු (සං. වර්ගාක්ෂර)
වර්ගීකරණය
නා. කොටස් කිරීම; වර්ගවලට බෙදීම
වර්ජනය
නා. අත්හැරීම (සං. වර්ජන)
වර්ණ
නා.ප්‍ර. පැහැය/ පැල්ලම; ලපය/ අකුර; අක්ෂරය/ වංශය; ජාතිය (සං. වර්ණ)
වර්ණඡන්දස
නා. අක්ෂර සංඛ්‍යාව මත පිහිටා පද්‍යයක විවිධ විරිත් සකසා ගැනීමේ ක්‍රමය
වර්ණදේහ
නා.ප්‍ර. සෛල න්‍යෂ්ටියේ තිබෙන ක්රොමටින්වලින් සෑදුණු දණ්ඩක් වැනි කැබලිවලින් එකක්
වර්ණනය
නා. පාට කිරීම/ වර්ණනාව; ගුණ කථනය (සං. වර්ණන)
වර්ණනීය
වි. විස්තර කළ යුතු; වර්ණනා කළ යුතු (සං. වර්ණනීය)
වර්ණභේය
නා. සුදු හා කළු ජාතීන් අතර වෙනස; ජාති භේදය; කුල භේදය
වර්ණමාලාව
නා. අක්ෂර මාලාව (සං. වර්ණමාලා)
වර්ණාන්ධතාව
නා. නිවැරදිව වර්ණ හඳුනාගත නොහැකි අක්ෂි රෝගය
වර්ණානුප්රාසය
නා. එක ළඟ පිහිටි පද කිහිපයක් සමාන අකුරකින් පටන් ගැනීම; අක්ෂරානුප්රාසය (සං. වර්ණානුප්රාස)
වර්ණාවලිය
නා. ප්‍රිස්මයකින් සෑදෙන වර්ණමාලාව/ දේදුන්නක ඇති පාට හත (සං. වර්ණ+ආවලි)
වර්ණාශ්‍රමධර්ම
නා.ප්‍ර. හින්දු ආචාර ධර්මය (සං. වර්ණාශ්‍රමධර්ම)
වර්ණිත
වි. වර්ණනා කරන ලද (සං. වර්ණිත)
වර්තනය
නා. ආලෝක කිරණ ගමන් ගන්නා දිසාව වෙනස් කිරීම (සං. වර්තන)
වර්තමාන
වි. පවතින; දැනට තිබෙන (සං. වර්තමාන)
වර්ධක
වි. වර්ධනය කරන; වැඩෙන (සං. වර්ධක)
වර්ධනය
නා. වැඩීම; ලොකුවීම/ දියුණුව (සං. වර්ධන)
වර්ෂ පූර්ණය
නා. වසරක් පිරීම