අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 289

වර්ෂණය

නා. වැස්ස/ හිම වැස්ස (සං. වර්ෂණ)

වර්ෂය

නා. අවුරුද්ද; වසර (සං. වර්ෂ)

වර්ෂාපතනය

නා. වැසි වැටෙන ප්‍රමාණය

වර්ෂාමානය

නා. වැසි ප්‍රමාණය මනින උපකරණය

වර්ෂාරම්භය

නා. වසර පටන් ගැනීම

වර්ෂාව

නා. වැස්ස (සං. වර්ෂා)

වර්ෂාවසානය

නා. වර්ෂයෙහි අවසානය

වරාංගනාව

නා. උතුම් කාන්තාව; වරඟන (සං. වරාඞ්ගනා)

වරිපණම්

නා.ප්‍ර. අයබදු ක්‍රමයක් (දෙ. வரிப்பணம்)

වරුණ

1. නා.ප්‍ර. බටහිර දිසාව/ බස්නාහිර දිසාවට අධිපති දෙවියා/ වැස්ස වලාහක දෙවියා (සං. වාරුණ) 2. වර්ණනාව (සං. වර්ණනා)

වල

1. නා. කැලය; අරණ්‍යය (සං. වල) 2. සතුන්ගේ වලිගය/ කෙස් වැටිය (සං. වාලධි)

වලංගු

වි. නීත්‍යනුකූල/ ප්‍රාණවත්; ක්‍රියාකාරී (දෙ. வழங்கு)

වලග

නා. වලිගය/ පක්‍ෂීන්ගේ පෙඳය (පා. වාලග්ග)

වලඳිනවා

ක්‍රි. ආලිංගනය කරනවා; වැලඳ ගන්නවා

වලපනවා

ක්‍රි. මහ හඬින් හඬමින් දුක් වෙනවා

වලය

නා. අතේ පලඳින වළල්ල; වළල්ලක් මෙන් සෑදුණ දෙය (පා. සං. වලය)

වලයාකාර

වි. රවුම්

වලව්ව

නා. ප්‍රභූන් වාසය කරන නිවස (දෙ. வளவு)

වලසා

නා. රෞද්‍ර ක්ෂීරපායී සිවුපාවෙක්

වල් පැළෑටි

නා.ප්‍ර. වගාවක හෝ ඉඩමක හෝ ප්‍රයෝජනයට ගත නොහැකි ඉබේ වැවෙන පැළෑටි

වල්ලභයා

නා. ඉතා කුලුපග තැනැත්තා/ සැමියා; ස්නේහවන්තයා (පා. සං. වල්ලභ)

වල්ලම

නා. මුහුදු යාත්‍රා විශේෂ්‍යක් (දෙ. வல்லம்)

වල්විදුනාව

නා. පවන් සැලීමට ගන්නා චාමරය; අවාන (පා. වාලවිජනී සං. වාලව්‍යජන)

වලා

නා.ප්‍ර. වැහිවලාව; මේඝය (පා. සං. වලා)